gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොලිසිය විශ්වාස නෑ.. අපි හමුදාව වැටලීම්වලට දැම්මා..- නියෝජ්‍ය ඇමති

පොළොන්නරුව මාදුරුඔය දකුණු ඉවුර ප්‍රදේශයේ සිදුවන හා පරිමාණ වැලි ජාවාරමට ශ්‍රී ලංකා මහවැලි අධිකායේ ආරක්ෂක අංශ මෙන්ම පොලිසිය සම්පූර්ණයෙන්ම වගකිවයුතු බවත්, එම ජාවාරමට මහවැලි ආරක්ෂක අංශය සහ ඇතැම් පොලිස් නිලධාරීන් සහයෝගය ලබාදෙන බවත් ජාතික ජන බලවේගයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, නිවාස සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතා සඳහන් කළේය.

යුද හමුදාවට පවා ජාවාරම මැඩලීමට නොහැකි මට්ටමට පත්ව ඇති හෙයින්, මාදුරුඔය වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය මැලි වන්නේ නම් ඊට අනුබල දෙන සියලු නිලධාරීන් ජනවාරියේ සිට මාරුවීම් ලබාදීමට පසුබට නොවන බවද ඔහු පැවැසීය.

ගංජා, හෙරොයින්, අයිස් මත්ද්‍රව්‍ය, ජාවාරම් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බහුල වශයෙන් සිදුවන නිසා, ඒවා මර්දනය කිරීමට පොලිසිය වහාම පියවර ගන්නා ලෙසත්, මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ තම පක්ෂයේ යම් පුද්ගලයෙකු සිටී නම් ඔවුන් අත්අඩංගුවට ගැනීමට කිසිදු බාධාවක් නොවන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසිය.

අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි නිලධාරීන් සිටී නම් ඒ පිළිබඳ තමාව දැනුවත් කරන ලෙසත්, එම නිලධාරින් මාරුකර, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් යෙදවීමට කටයුතු කරන බවද සරත් මහතා කීය.

ඉකුත් 13 වෙනිදා පොළොන්නරු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදි අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා ඒ බව කීවේය.

”පොලිසිය ගැන විශ්වාසයක් නැති නිසයි, අපි මාදුරුඔය යුද හමුදාව වැලි වැටලීම් සඳහා යොමු කළේ, නමුත් ඒ අයටත් මේ ජාවාරම නවත්තන්න බැරි තරමට උග්‍ර වෙලා තියෙනවා. මේ ජාවාරම්කරුවන්ට ඉඩ තියන්න එපා, ජාවාරම්කරුවන් අල්ලන්න බෑ කියන්නේ අපි අපොහොසත්. අපිට වැඩිය බලයක් ආයතන ප්‍රධානීන්ට තියෙනවා, ඒ රාජකාරිය අකුරට කරන්න අපෙන් කිසිම බාධාවක් නෑ. අපි අබමල් රේණුවක මේ රටේ ජනතාවගේ දේපල හොරකම් කරන්නෑ.

දූෂණ,ජාවාරම් කරන්නේ නෑ. කුඩු අදින්නෙ නෑ. කිසි ජාවාරමක් අපි කරන්නෑ. ඇයි ඔබට බැරි මේ ජාවාරම්කරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන්න. වැලිකන්ද බෝවත්තේ සජබේ කෙනෙක් කියනවලු, එදත් අපි ගනංකාරයෝ, මෙදත් අපි ගනම් කාරයෝ කියලා,උඹලා ඕන දෙයක් කරපල්ලා අපි වැලි ගොඩ දානව කියල, එහෙම ගණන්කාරයෝ ඉන්න පුළුවන්ද?


ඔය ඕනම ගනම්කාරයෙකුට විරුද්ධව අපිට ලැබුන ජලබලයට වැඩ කරන්න පුළුවන් අපි එහෙම කරන්නෑ. මේ ගරු සභාවේ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රධානීන් ඉන්න සභාවක්. එනිසා ආයේ මම කියපු දේවල් කතා කරන්න ඉඩ තියන්න එපා. අපි අපේ රාජකාරිය අකුරට කරමු. ජාවාරම්කරුවන්ට විරුද්ධව සියලු දෙනාම කටයුතු කරන්න ඕනේ”

– ADA
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka