gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

චීනයෙන් තෑගි අරන් චීනයේ පරම හතුරු තායිවානයට ස්තුති කළ අගමැති හරිනි හොඳටම නා ගනී!


හඳුන්නෙත්ති ඉරාක ජනරජයේ 100 වැනි සමරුවට ලද ආරාධනය මග හැරලා... රට රාජ්‍ය තාන්ත්‍රිකව පොට්ට තැනකට වැටෙයි... මේ සතියේ දී චීනයෙන් ප්‍රදානයක් සේ ශ්‍රී ලංකාව වෙත ලබා දෙන ලද පාසල් නිල ඇඳුම් චීන රජය විසින් ලංකාව වෙත පිළිගන්වන නිල උත්සවය අමතමින් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය චීනයේ පරම සතුරා වන තායිවානයට “ඇදහිය නොහැකි තරම් දැවැන්ත පරිත්‍යාගයක්” සිදුකිරීම ගැන ස්තුතිය ප්‍රකාශ කිරීමත් සමඟ විශාල රාජ්‍ය තාන්ත්‍රික දෝෂයක් ඇති වූ ආකාරය සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.

මහජන චීන සමූහාණ්ඩුවේ රජය විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රජයට පාසල් සිසුන් සඳහා ඇඳුම් ද්‍රව්‍ය ප්‍රදානය කිරීම මෙම අවස්ථාව විය. මහජන චීන සමූහාන්ඩුව ( People’s Republic of China ) චීන නිල නාමයයි. තායිවානයේ නිල නාමය චීන ජනරජයයි ( ‘Republic of China).

ආචාර්ය අමරසූරිය චීනයෙන් ලබා දුන් පරිත්‍යාගය පිළිගනිමින් People’s Republic of China හෙවත් මහජන චීන සමූහාණ්ඩුව යැයි වරදවා චීනයේ පරම හතුරා මෙන්ම යුද්ධයේ අද්දර සිටින තායිවානයේ නිල නාමය වන‘Republic of China ලෙස ආමන්ත්‍රණය කරමින් ‘චීන ජනරජයට’ ස්තුති කළේය. විශේෂත්වය වන්නේ චීන ජනරජය හෙවත් තායිවානය සමග ශ්‍රී ලංකාවට රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ද නැත.

නිල ඇඳුම් නිල වශයෙන් ශ්‍රී ලංකා රජය වෙත භාර දීමට කොළඹ වරායේ පැවති උත්සවයට අගමැතිවරිය නිසි වෙලාවට නොපැමිණීයා ය, චීන තානාපතිවරයා ඇය එනතුරු බලා සිට අනතුරුව සිය කාර්යාලයට පිටව ගියේය. උත්සවය සඳහා පැයකට පමණ පසු ඔහු ආපසු පැමිණි අතර අවසානයේ අගමැතිවරිය ආවාය. එසේ පැමිණි අගමැතිවරිය චීන රජය ලබා දුන් පරිත්‍යාගයට තායිවානයට ස්තුති කළාය.

ශ්‍රී ලංකාවේ මිත්‍ර ජාතීන් අපහසුතාවයට පත් කරමින්, නව රජයේ නවකයන් විසින් සිදු කරන ලද රාජ්‍යතාන්ත්‍රික ගොංකම් පහසුවෙන් අමතක කළ නොහැකි බවත් ඒවා ජාතිය ලෝකය ඉදිරියේ හෑල්ලු කරන අන්තර්ජාතික ව්‍යසන බවත් සන්ඩේ ටයිම්ස් පෙන්වා දෙයි.

ඉරාකයේ 100 වසර සැමරීම සඳහා ඉරාක තානාපති කාර්යාලය සඳුදා කොළඹ තරු පහේ හෝටලයක උත්සවයක් පැවැත්වීය. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මේ උත්සව අවස්ථාව සඳහා ආරාධනා ලැබ තිබුණ ද ඔහු ඊට සහභාගී වුනේ නැත.

ඔහුව ආදේශ කිරීමට කිසිවෙක් නොසිටියේය. අමාත්‍ය හඳුන්නෙත්තිගේ කාර්යාලය හෝ විදේශ අමාත්‍යාංශයේ ප්‍රොටෝකෝල් අංශය, අමාත්‍යවරයාට උත්සවයට සහභාගි වීමට නොහැකි වීම පිළිබඳව ඉරාක තානාපති කාර්යාලයට දැනුම් දී නොමැති බව පෙනෙන්නට තිබුණි.

ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය සහ ඉරාක ජාතික කොඩි වේදිකාවේ තිබුණද, ශ්‍රී ලංකා රජයේ එකදු නියෝජිතයකු හෝ එම අවස්ථාවට සහභාගි නොවී උත්සවය ඉදිරියට ගියේය. ආරාධනයට ගරු කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැමිණ සිටි අතර එය කැපී පෙනුණි. පසුගිය දිනක ජනාධිපතිවරයා සිය පාර්ලිමේන්තු සමාරම්භක දේශනයේදී, තම රජයේ විදේශ ප්‍රතිපත්තිය විදේශ වෙළඳාම වැඩි කිරීම සඳහා කටයුතු කිරීම බව සඳහන් කළේය.

තෙල්වලින් පොහොසත් ඉරාකය තවත් එක් රටක් නොවේ. එය ශ්‍රී ලංකාවේ අංක එකේ තේ ගැනුම්කරුවාය. මේ වසරේ මුල් මාස දහය තුළ ශ්‍රී ලංකාවේ තේ අපනයනයෙන් කිලෝග්‍රෑම් මිලියන 27.11 ක් තේ අපනයනය කළේ ඉරාක වෙළෙඳපලටය. ඉරාකය එක්සත් ජාතීන්ගේ ආරම්භක සාමාජිකයෙකු වන අතර එක්සත් ජාතීන්ගේ පූර්වගාමියා වූ ජාතීන්ගේ සංගමයේ ද සාමාජිකයෙකි.
-lankasara
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka