gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හර්ෂණ නානායක්කාරගේ නම ඉදිරියෙන් ආචාර්ය අභිධානය සඳහන් කළේ සභානායක කාර්යාලයෙන් එවූ ලේඛණ අනුවයි… පාර්ලිමේන්තු නිලධාරීහු සීඅයිඩියට කියති!

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කළේ සභා නායක කාර්යාලයෙන් ලැබුණු ලිපියක එසේ සඳහන්ව තිබු නිසා බව සභා ලේඛන කාර්යාලයේ ප්‍රධානීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා ඇතැයි පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් ලංකාදීප වාර්තා කරයි.

පාර්ලිමේන්තුව වෙබ් අඩවියේ තමාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරීමෙන් අපහාසයක් සිදුව ඇති බවට නීතිඥ හර්ෂණ නානායක්කාර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා කළ පැමිණිල්ල අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරී කණ්ඩායමක් පාර්ලිමේන්තුවට පැමිණ අදාළ පාර්ලිමේන්තු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී ආචාර්ය නාමය වෙබ් අඩවියට ඇතුළත් කිරීමට පාදක කරගත්, සභානායක කාර්යාලයෙන් එවූ ලේඛණ කීපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇති බව එම ආරංචි මාර්ගකියයි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට පාර්ලිමේන්තුවේ නිලධාරීන් පා තිදෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත. එහිදී එම නිලධාරීන් පැහැදිලිව ප්‍රකාශ කර ඇත්තේ තමන් එම අභිධානය ඇතුළත් කළේ සභානායක කාර්යාලයෙන් සභා ලේකම් කාර්යාලය වෙත එවන ලද ලේඛණ මත පදනම්ව බව පැහැදිලිවම ප්‍රකාශ කර ඇත.

එමෙන්ම මේ සම්බන්ධව සභා ලේඛණ කාර්යාලයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත වාර්තාවක් ද ලබා දී ඇත. තවද ජාතික ජන බලවේගයේ නිල ෆේස් බුක් ගිනුමේ ද හර්ෂණ නානායක්කාර ආචාර්ය අභිධානය සහිතව හඳුන්වා දුන් අවස්ථා සම්බන්ධ සාධක මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් ඇත.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka