gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පුංචි ඡන්දෙට නම් අලුතෙන් කැඳවන්න පක්ෂ නායකයන් කැමැත්තෙන්

පළාත් පාලන මැතිවරණය සඳහා අලුතින් නාමයෝජනා කැඳවීමට පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇතැයි තොරතුරු අනාවරණය වේ.
පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීම කථානායක අශෝක රංවලගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.
පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා ලබාදුන් ඇතැම් අපේක්ෂකයන් දේශපාලනය අතහැර තිබීම, ඇතැම් දේශපාලන පක්ෂ මේ වනවිට නොතිබීම,ඇතැම් අපේක්ෂකයන් රට හැර දමා විදෙස් රැකියා සඳහා පිටව ගොස් තිබීම යනාදී කාරණා මත පළාත් පාලන මැතිවරණයට අලුතින් නාමයෝජනා කැඳවීම සුදුසු බවට පක්ෂ නායකයන් තීරණය කර තිබේ.

පැරැණි නාමයෝජනා අනුව මැතිවරණය පැවැත්වීමට කටයුතු කළහොත් ඊට ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබන්නේ 2022 වසරේ ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් පිරිස පමණක් බැවින් 2024 ඡන්ද හිමි නාමලේඛනයට අනුව විශාල පිරිසකට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමි වන බව ද මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබේ. පළාත් පාලන මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් නාමයෝජනා ලබාදුන් අපේක්ෂකයන් 41 දෙනකු මේ වනවිට පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇතැයි ද තොරතුරු අනාවරණය වේ.

නිදහස ජනතා සභාවේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම ද පසුගියදා ජනාධිපතිවරයාට ලිපියක් භාරදෙමින් කියා සිටියේ පළාත් පාලන මැතිවරණය සඳහා අලුතින් නාමයෝජනා කැඳවීමට කටයුතු කරන ලෙසය.

පළාත් පාලන ආයතන 340 ක් (ගාල්ල ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හැර) සඳහා එනම් මහ නගර සභා 29 ක්, නගර සභා 36 ක් සහ ප්‍රාදේශීය සභා 275 ක් සඳහා පළාත් පාලන මැතිවරණය ඉකුත් වසරේ (2023) මාර්තු මස 09 වැනිදා පැවැත්වීමට සූදානම් කර තිබිණි. නමුත්, ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු හා ඡන්ද විමසීම සම්බන්ධ සෙසු පහසුකම් සම්බන්ධයෙන් පැන නැගුණු ගැටලු හේතුවෙන් මැතිවරණය එම වසරේ අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළේය. කෙසේ නමුත්, එම මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දැමුණු අතර, ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා මැතිවරණ කොමිෂන් සභාවට නියෝග කරනු ලැබුවේ කඩිනමින් මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙසය.

පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයන් 80,672 ක් නාමයෝජනා භාරදී තිබේ. මෙම පිරිසෙන් 3,000 ක් පමණ රජයේ සේවකයන්ය.

පළාත් පාලන මැතිවරණය සඳහා අලුතින් නාමයෝජනා කැඳවීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායකගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ අලුතින් නාමයෝජනා කැඳවීමට අදාළව පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් තීරණය කිරීම මැතිවරණය කොමිෂන් සභාවට අදාළ නොවන බවය.

නාමයෝජනා අලුතින් කැඳවීමට හෝ ලබාගත් නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට පළාත් පාලන මැතිවරණ පනතින් කොමිෂන් සභාවට බලයක් නොමැති බවද සභාපතිවරයා පැවසීය. අලුතින් නාමයෝජනා කැඳවීමට නම් පළාත් පාලන පනත සංශෝධනය කළයුතු බවත්, එම සංශෝධනය පාර්ලිමේන්තුවේ අනුමත වීමෙන් පසු මැතිවරණ කොමිෂන් සභාවට එය ක්‍රියාත්මක කළහැකි බවත් සභාපතිවරයා කීවේය.

-සාලිය කුමාර ගුණසේකර


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka