gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කසිප්පුකාර බේබදන්නව කසිප්පුවලින් බේරගන්න අඩුමිල අරක්කු හඳුන්වා දෙන්න තීරණය කරන්නෙ මොන විද්‍යාත්මක අධ්‍යයනයකින් ද? ADIC ආණ්ඩුවෙන් අසයි!

නීති විරෝධී මද්‍යසාර පානය කරන පිරිස් ඉන් ගලවා ගැනීම අත්‍යාවශ්‍ය කාරණයක් බවට පත්ව තිබෙන පසුබිමක ඒ පිළිබඳව සැබෑ උවමනාවත් ඇත්නම් ඒ සඳහා සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් කළ යුත්තේ වැටලීම් සිදු කර නීති විරෝධී අරක්කු නිෂ්පාදනය අඩාල කිරීම මිස කසිප්පු වෙනුවට වෙනත් නිෂ්පාදනයක් අඩු මිලට ලබාදීම නොවන බව මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ (ADIC) වැඩසටහන් අධ්‍යක්ෂ අමරණාත් තැන්න පවසයි.

වර්තමානයේ දේශපාලන මැදිහතවීමක් නොමැති අවස්ථාවක නීති විරෝධී මත්පැන් පෙරන ස්ථාන වටලා සම්පුර්ණයෙන් පාලනය කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුවට හා පොලිසියට හැකියාව තිබෙන බවත් ඒවා හඳුනාගැනීමේ ක්‍රම හරි හැටි නීති ක්‍රියාත්මක කර ඒවා බොන පුද්ගලයන්ට ඉන් ඉවත්වීමට අවශ්‍ය සහයෝගය ලබාදීම කළ යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

එසේ නොමැතිව මිල අඩු අරක්කු හඳුන්වාදීම වැනි විද්‍යාත්මක නොවන තීරණ ගැනීමෙන් තත්ත්වය වඩාත් බරපතළවීමක් මිස යහපතක් සිදුනොවන බවත් හෙතෙම සදහන් කළේය .

මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසන්නේ මෙවැනි තීරණ ගැනීමට පෙර මේ පිළිබඳ විද්‍යාත්මක සාධක අධ්‍ය‍යනය කිරීම අදාළ බලධාරීන් විසින් සිදු කළේ ද යන්න ගැටලුවක් බවය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මද්‍යසාර අවම කිරීමේ නිර්දේශවල මිලදී ගැනීමේ හැකියාව අඩු කිරීම සහ සුලභතාවය අඩු කිරීම රජයකට ගත හැකි වියදම් අඩුම සහ ඵලදායී ක්‍රමවේදයක් ලෙස නිර්දේශ කර ඇති බවත් එම ආයතනය පෙන්වා දෙයි.

පසුගිය වර්ෂවල බදු වැඩි කිරීම හරහා සුරා බදු අදායම් වැඩි වී මද්‍යසාර භාවිතය අඩු වූ පසුබිමක මෙවැනි තීරණ වලින් මද්‍යසාර නිෂ්පාදනය කරන සමාගම්වලට වාසියක් අත්වීම මිස ජනතාවට වාසියක් නොවන බවත් මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය කියයි.

අරක්කුවල මිල අඩු කල විට කසිප්පු වලද මිල ද අඩුවන අතර නිති විරෝධි අරක්කු ව්‍යාපාරය හැමවිටම නීතියානුකූල මද්‍යසාරවලට වඩා අඩු මිලක් පවත්වා ගැනීම මහ පොළොවේ යථාර්ථය බව කියන මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය එවිට කසිප්පු පානය කිරීමේ අඩුවක් සිදු නොවන අතර තව තවත් වැඩිවීමද සිදුවනු ඇති බව පෙන්වා දෙයි,  මීට පෙර අවස්ථාවලත් කසිප්පු බීම අඩු කිරීමට බව පවසමින් බියර් මිල අඩු කළ අවස්ථාවල කසිප්පු භාවිතයේ අඩුවක් සිදු නොවුණු අතර බියර් බීම වැඩි වූ බව සංඛ්‍යා ලේඛන දක්වමින් එම ආයතනය පෙන්වා දෙයි.

ලෝකයේ කිසිදු නිති විරෝධි භාණ්ඩයක පරිභෝජනය එහි නිත්‍යනුකුල භාණ්ඩයේ මිල පහත දැමිමෙන් සිදු කළ නොහැකි බව සනාත වි ඇති ආකාරයත්, මෙරට අරක්කු මිල අඩු කිරීමේ තීරණය ක්‍රියාත්මක කළහොත් අවසාන වශයෙන් සමස්ථයක් ලෙස රටේ මද්‍යසාර භාවිතය වැඩිවිමක් සිදුවනු ඇති බවත් මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පෙන්වා දේ.

-අනුරාධපුර- පර්සි කුරුනේරු
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka