ඇමැති කාලෙ හැමෝටම චණ්ඩි පාට් දාගෙන හිටපු ලොහාන් මේ පාර නීතීඥවරයකුගෙන් මට්ටු වෙයි! උසාවියේදී ප්‍රසිද්ධියේ සමාව ගනී! ලක්ෂ 10කුත් ගෙවන්න පොරොන්දු වෙයි! ඇප ලැබිලා එළියට ආවේ එහෙමයි!
බීමතින් ඩිෆෙන්ඩර් ජීප් රථයක් පදවා මෝටර් රථයක් හප්පා අනතුරක් සිදුකර එහි ගමන් ගත් නීතිඥවරයකුට බැන මරණීය තර්ජන සිදුකළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා එලෙස බැන තර්ජනය කළ නීතිඥවරයාගෙන් අද (09) විවෘත අධිකරණයේදී ප්‍රසිද්ධියේ සමාව අයැද සිටියේය.
බැන තර්ජනය කිරීමේ චෝදනාවට අදාළව කොටුවේ මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩුව කැඳවූ අවස්ථාවේදී ලොහාන් රත්වත්තේ මහතා මෙලෙස සමාව ඉල්ලා සිටියේය.
එම අවස්ථාවේ අගතියට පත් අකලංක උකවත්ත මහතා සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා වෙනුවෙන් නීතිඥ මඩුල්ල ප්‍රකාශ කර සිටියේ ලොහාන් රත්වත්තේ මහතා අද(09) අගතියට පත් පාර්ශවයට ලක්ෂ 10 මුදලක් ගෙවිමට එකඟවූ බවත් ඒ හේතුවෙන් අගතියට පත් පාර්ශ්වය ගැටලුව සමථයකට පත්කර ගැනීමට කැමති බවත්ය.
ඉදිරිපත් වූ සියලු කරුණු සළකා බැලීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇප දෙකක් මත ලොහාන් රත්වත්තේ මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියෝග කළාය.
-lankadeepa
ඇමැති කාලෙ හැමෝටම චණ්ඩි පාට් දාගෙන හිටපු ලොහාන් මේ පාර නීතීඥවරයකුගෙන් මට්ටු වෙයි! උසාවියේදී ප්‍රසිද්ධියේ සමාව ගනී! ලක්ෂ 10කුත් ගෙවන්න පොරොන්දු වෙයි! ඇප ලැබිලා එළියට ආවේ එහෙමයි!
2024-12-09T23:18:00+05:30
Gossip Lanka Hot News





