තමන් දේශපාලනයෙන් සමුගන්නා බව හිටපු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ ඊයේ (20) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව තමන් ඉදිරියේ කිසිම මැතිවරණයකට ඉදිරිපත් නොවන බවත් ඔහු පැවසුවේය.
ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණීමෙන් අනතුරුව සිය දේශපාලන අනාගතය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
නැවත පාර්ලිමේන්තුවට පැමිණීමේ හැකියාවක් තිබේදැයි ඇසූ විට ආචාර්ය රාජපක්ෂ එය තරයේ ප්‍රතික්ෂේප කළේය. “නැහැ, මට එවැනි අභිලාෂයන් නැහැ,” ඔහු පැවසීය.
“මම ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණවලට ඉදිරිපත් නොවීමට තීරණය කර තිබෙනවා. බොහෝ දුරට මාධ්‍ය විසින් සකස් කරන ලද මහජන මතයක් අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාම හොරු සහ දූෂිතයන් ලෙස ලේබල් කර තිබෙනවා. මට ඒ ආඛ්‍යානයට සම්බන්ධ වෙන්න කිසිම උවමනාවක් නැහැ.” විජේදාස රාජපක්ෂ පැවසුවේය.
නීති සම්පාදකයින් පිළිබඳ පවතින සෘණාත්මක මතය අනුව දේශපාලනයේ රැඳී සිටීමට හේතුවක් තමාට නොපෙනෙන බව ද ඔහු අවධාරණය කළේය.