gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස නම් කර රවී කරුණානායකගෙ නම මැතිවරණ කොමිසමට යැව්වේ හොරෙන් නෙමෙයි… රනිල්ටත් කියලා… ගෑස් සිලින්ඩරයේ ලේකම් කට අරී….

වී කරුණානායක ජාතික ලයිස්තුවට නම් කළේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කෘත්‍යාධිකාරී විධායක සභාව විසින් ගනු ලැබූ ඒකමතික තීරණය මත බවත්, පක්ෂය ස්ථිර කළ එම යෝජනාව අනුව රවී කරුණානායක ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් සඳහා නම් කිරීමට පෙර පක්ෂ නායකයා ලෙස කටයුතු කරමින් සිටින රනිල් වික්‍රමසිංහ වෙත එම නම් කිරීම දැනුම් දුන් බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් නීතිඥ ශ්‍යමිලා පෙරේරා අවධාරණය කරයි.

ඇය අවධාරණය කරන්නේ නොවැම්බර් මස 17 වැනිදා රැස් වූ පක්ෂයේ කෘත්‍යාධිකාරී විධායක කමිටුව එම පත් කිරීම ඒකමතිකව අනුමත කළ බවය.

ලේකම්වරිය කරුණු දක්වමින් සන්ධානගත පක්ෂ සමග එකඟ වූ ගිවිසුමේ 5වැනි වගන්තිය ප්‍රකාරව මැතිවරණයේ ප්‍රතිඵළ මත ලැබෙන ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරවලින් අවම වශයෙන් එක් මන්ත්‍රී ධූරයක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ විසින් නම් කරනු ලබන අපේක්ෂකුහට ලබා දීමට එකඟ වී ඇති බව පෙන්වා දෙයි.

පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ට ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර දෙකක් හිමිවීම නිසා පක්ෂ අතර ගිවිසගත් ආකාරයට ඉන් එක් මන්ත්‍රී ධූරයක් පක්ෂය නම් කරන අපේක්ෂකයෙක් වෙත ලබාදීමේ අවස්ථාව පක්ෂයට ලැබී තිබුණ බව ලේකම්වරිය පැහැදිලි කරයි.

ඒ අනුව රවී කරුණායකගේ නම ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් සඳහා නම් කරනු ලැබුවේ 2024 නොවැම්බර් මස 17 දින රැස්වූ පක්ෂයේ කෘත්‍යාධිකාරී විධායක කමිටුව විසින් බව ද එහිදී එම මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායක නම් කිරීමට ඒකමතිකව තීරණය කළ බව ද ලේකම්වරිය අවධාරණය කරයි.

පසුගිය 18 වැනිදා වනවිට ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර නම් කළ යුතුව තිබුණු නමුදු ඒ වනතෙක් සන්ධානයේ සෙසු පක්ෂවල නියෝජනය තමන් වෙත ඔවුන්ගේ මන්ත්‍රී ධූරය නම්කර දැනුම් දී නොතිබුණ බැවින් පක්ෂයේ ලේකම්වරිය ලෙස පක්ෂය විසින් ගන්නා ලද තීරණය අනුව රවී කරුණානායකගේ නම මැතිවරණ කොමිසම වෙත බාරදීමට කටයුතු කළ බව කියයි.

ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය නම් කිරීමේදී පක්ෂයේ ලේකම්වරිය ලෙස තමන් කිසිම අනීතික කටයුත්තක් නොකළ බවත් අවබෝධතා ගිවිසුම උල්ලංඝනය කර නැති බවත් ලේකම්වරිය ලෙස තමන් ක්‍රියාත්මක කළේ තමන්ට ඇති අයිතිය පමණක් බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් නීතිඥ ශ්‍යාමිලා පෙරේරා අවධාරණය කරයි.

ඇය වැඩිදුරටත් කියන්නේ තමන්ගේ පක්ෂයේ හවුල්කාර පක්ෂයක් නොවන, කිසිදු ඡන්ද පදනමක් නැති, නිරතුරු පක්ෂ මාරු කරමින් පහත් පෙළේ සදාචාරයක් නොමැති නන්නත්තාරේ යන කණ්ඩායම් සහ පුද්ගලයන්ට කීමට ඇත්තේ කන්නාඩියක් ඉදිරියට ගොස් බලා ගන්නා ලෙස බවය. ඔවුන්ගේ වාචාලවලටපිළිතුරු දීමට කාලය ගත කිරීම අපරාදයක් බවය.

පොදුජන එක්සත් නිදහස් පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදු ජන එක්සත් පෙරමුණ, නව සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සන්ධානගත පක්ෂ වුයේය.

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මාධ්‍ය හමුවේ පැහැදිලි කිරීමක් කරමින් මේ පත් කිරීම සම්බන්ධව එක්සත් ජාතික පක්ෂය කිසිවක් නොදන්නා බවත්, එක්සත් ජාතික පක්ෂයෙන් මෙම මන්ත්‍රී ධූරය සඳහා යෝජනා කර තිබුණේ තලතා අතුකොරල බවත්ය.

පොදුජන එක්සත් පෙරමුණ ප්‍රකාශ කළේ අදාල මන්ත්‍රී ධූර සඳහා කාංචන විජේසේකර, නිමල් ලංසා ඇතුළු කීප දෙනෙකුගේ නම් යෝජනා වී තිබෙද්දී එම යෝජනා අතර නොසිටි රවී කරුණානායක සන්ධානය දැන්ම්වත් නොකර ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් සඳහා නම් කිරීම ගැටලු සහගත බවය.

මේ අතර ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර සම්බන්ධ ඇතිවී තිබෙන ගැටලුව පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මල්පාරේ පිහිටි මැතිවරණ කාර්යාලයේ දී ගෑස් සිලින්ඩරයේ ප්‍රධානියෝ අදත් සාකච්ඡා කර තිබුණහ.

මේ සිදුවූයේ කුමක්දැයි සෙවීමට නීතිඥ යසස් ද සිල්වා, නීතිඥ කුමාර් දුනුසිංහ, නීතිඥ ඉන්දික වේරගොඩ,  ආචාර්ය විදානගේ ඇතුළු කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. එම වාර්තාව සති තුනක් ඇතුළත එක්සත් ජාතික පක්ෂ නායකයාට භාර දීමට නියමිත බවද කියැවේ.

කෙසේ වෙතත් මැතිවරණ කොමිසම පවසන්නේ මේ වනවිට රවී කරුණානයකගේ නම ගැසට් කර ඇති බැවින් පක්ෂ මොන පරීක්ෂණ තිබ්බත් දැන් එම මන්ත්‍රී ධූරයට පත් කිරීමේ වෙනසක් සිදුනොකෙරෙන බවය. වෙනස් වීමක් අවශ්‍ය නම් අධිකරණයට ගොස් අධිකරණ තීන්දුවක් රැගෙන පැමිණිය යුතු බව ද මැතිවරණ කොමිසම දන්වා සිටී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka