සර්වජන බලය කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නීතිඥ උදය ගම්මන්පිල මහතා පසුගිය සති කීපය තිස්සේ හෙළිදරව් ගණනාවක් සිදු කලේය. පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් වන වාර්තා දෙකක් ඔහු විසින් හෙළිදරව් කලේ වත්මන් ආණ්ඩුවේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉහල පෙලේ තනතුරු දරණ එමෙන්ම ජාතික ජන බලවේගයේ ප්‍රභල සාමාජිකයන්ට පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් බරපතල චෝදනා එම වාර්තා මගින් එල්ල කර වී ඇතැයි පවසමිනි.
එසේම රජය සති 6ක් තුල ට්‍රිලියනයකට අධික ණය මුදලක් ගෙන ඇති බව ඔහු පසුගිය දා අනාවරණය කලේ රජය ණය ගෙන නැතැයි පවසන පසුබිමකය.
ගම්මන්පිල මහතා සිය සමාජ්ය මාධ්‍ය ගිණුම්වල දක්වා ඇත්තේ අද දින (09) පස්වරු 7 ට ද විශේෂ ප්‍රකාශයක් සිදු කරන බවයි.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සහ ඉන් අනතුරුව මෙරට සිදු විය හැකි දේශපාලනික පරිවර්තනයන් ගැන ගම්මන්පිල මහතා මෙම විශේෂ ප්රකාශයේදී කරුණු දැක්වීමට නියමිත බව වාර්තා වේ.