මහර සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක හසිත් ගුණසේකර මහතා එම පක්ෂයේ දිස්ත්‍රික් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝජ්‍ය භාණ්ඩාගාරික හර්ෂණ රාජකරුණා වෙත බරපතල චෝදනාවක් එල්ල කරයි.
පසුගිය මහ මැතිවරණයේදී මනාප ගනන්කිරීමේ කටයුතු අතරතුර යම් අක්‍රමිකතාවක් සිදුව ඇති බවත් මනාප ගනන් කිරීම අතරතුර එම කටයුතු නිරීක්ෂනය සඳහා තමාට අවස්ථාවක් නොලැබුනු නමුත් හර්ෂණ රාජකරුණා මහතා සහ ඔහුගේ හිතවතුන් පිරිසක්ට පමණක් එම අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් තමාට බරපතල සැකයක් පවතින බවත් ඔහු පවසයි.
හසිත් ගුණසේකර මහතා පවසන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා තම දේශපාලන කටයුතු වලදී විශාල බලපෑමක් සිදුකළ බවත් ඒ සම්බන්ධයෙන් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පැමිණිලි කළත් ඒ සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු නොවූ බවත් ය.
තමාට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් වත්මන් ජනාධිපති අනුර දිසානායක මහතාට මැදිහත්වන ලෙස තමා ඉල්ලා සිටිනා බවත් ඒ සම්බන්ධයෙන් සජබ නායක සජිත් ප්‍රේමදාස මහතාට පැමිණිලි කිරීමෙන් තවදුරටත් ඵලක් නොවන බවත් අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු පැවසීය.