රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසන්නේ හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජීවත්ව සිටිනා වකවානුවේදී රජයෙන් ලබාදී තිබූ බංගලාව වහාම බාර දෙන ලෙස ඔහුගේ බිරිඳ වන නීතිඥ වමරි පෙරේරා මහත්මියට සිහි කැඳවීම් ගණනාවක්ම සිදු කර ඇතත් නිවස භාරදීම දිගින් දිගටම පැහැර හරිමින් සිටින බවයි.
එම නිල නිවසට අදාල ගෙවල් කුලිය පවා ඇය තවමත් ගෙවා නැති අතර මේ වනවිට එම නිල නිවසේ විදුලිය හා ජලය සැපයුම විසන්ධි කර ඇති බවද වාර්තා වෙයි.
මේ තත්ත්වය මත අදාළ නිල නිවස නිත්‍යානුකූලව බාර ගැනීම කළ නොහැකිව ඇතැයි පවසන අමාත්‍යංශ නිලධාරිහු මෙම කටයුතුවලදී අමාත්‍යාංශ නිලධාරීන්ට ඇයගෙන් ප්‍රමාණවත් සහයක් නොලැබෙන තත්වයක් ද පෙනෙන්නට ඇතැයිද ප්‍රකාශ කළහ.
එමෙන්ම මේ අතර හිටපු විපක්ෂ නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ බංගලාව ලබන 12 වැනිදා බාර දෙන බව ඒ මහතාගේ දියණිය අමාත්‍යාංශයට දැනුම් දී ඇත.
මේ වනවිට එම බංගලාව හැරෙන්නට හිටපු අමාත්‍යවරුන් පාවිච්චි කළ අනෙකුත් සියලුම බංගලා බාරදී අවසන් බවද වාර්තා වෙයි.