මේ මැතිවරණයේදී අපට අනුකම්පා කරලා පොහොට්ටුවට ඡන්දය දාන්න - නාමල් රාජපක්ෂ
පානදුර කළුදෑවල ප්‍රදේශයේ පැවතී පක්ෂ ක්‍රියාකාරී හමුවකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පාක්ෂිකයන් ගෙන් ඉල්ලා සිටියේ අප කෙරෙහි අනුකම්පා කර ඡන්දය පාවිච්චි කරන ලෙසයි.
“අප ඊළග දශකයේ තීරණාත්මක සාධකය බවට පත්කරනවා. අමාරු කාලයක ඉන්නේ. නායකයා පක්ෂය අතහැර යනවිට පාක්ෂිකයන් කලකිරුනා. ජනාධිපතිවරණයේදී ඡන්ද මධ්‍යස්ථානට ගියේ නෑ.
ඒ නිසා මේ මැතිවරණයේදී අපට අනුකම්පා කරලා ඡන්ද මධ්‍යස්ථානයට ගිහින් පොහොට්ටුවට ඡන්දය දාන්න. එහෙම වුණොත් කිසි කෙනෙකු දේශපාලන වශයෙන් කිසිවෙක් බලාපොරොත්තු නොවූ ප්‍රථිපලයක් ලැබේවි කියා මට විශ්වාසයක් තියෙනවා.
මගෙන් සමහරු අහනවා අනුර කුමාර දිසානායක මහතාට ඊළග අවුරුදු පහේ අභියෝගයක් වෙන්නේ කවිද කියලා. රනිල් වික්‍රමසිංහ ද ? නාමල් රාජපක්ෂ ද ? සජිත් ප්‍රේමදාස ද ? කියලා. එයට අභියෝගයක් වෙන්නේ වෙන කවුරුන් හෝ නොවෙයි. ඔහු සහ ඔහුගේ කණ්ඩායමයි. මොකද මැතිවරණ වේදිකාවේ කියපු බොරු ඔප්පු කරගන්න බෑ.”
මේ මැතිවරණයේදී අපට අනුකම්පා කරලා පොහොට්ටුවට ඡන්දය දාන්න - නාමල් රාජපක්ෂ
2024-11-09T10:44:00+05:30
Gossip Lanka Hot News






