ජනතාව දන්නව ගෑස් සිලින්ඩරයට කතිරය ගහලා තමන්ට මනාපය ප්රකාශ කලාට රෝහිත අබේගුණවර්ධන ඇමති වෙන්න නැති බවත් අපි ආණ්ඩුවක් පිහිටවන්නේ නැති බවත් දැන දැනම ඇවිත් තමාට කලගුණ සලකන්න යැයි කියමින් හිටපු ඇමති රෝහිත අබේගුණවර්ධන මැතිවරණ වේදිකාවකදී කඳුලු සලමින් සංවේදී විය.
හිටපු ඇමති රෝහිත අබේගුණවර්ධන සදහන් කළේ,
“මම මහජන හමුවාදී එන ජනතාව ගෙන් අහල නෑ මට ඡන්ද දුන්නද කියලා. මම පෞද්ගලිකව බලන්නේ නෑ. මම මිනිස්සු එක්ක හිටියා. ඉදිරියත් මම ඔබ එක්ක විපක්ෂයේ මන්ත්රී වරයයකු විදිහට ඉන්නවා. මාළුවකුට වතුර ඕන සොල්දාදුවට අවිය ඕන. ඒ වගේම දේශපාලකයට ජනතාව ඕන.
ආණ්ඩුව නැතිව වුණත් ඔබ මාව 32 වසරකට පාර්ලිමේන්තු යවන බව විශ්වාසයි. මම කලකිරීම් වලින් දේශපාලනය අතාරින්නේ නෑ. කන්ද නැග්ගොත් පල්ලම තියෙනවා. ඔන්චිල්ලාව එහාට ගියොත් මෙහාට එනවා.”
කළුතර පැවති ජන හමුවකට එක්වෙමින් හිටපු ඇමති රෝහිත අබේගුණවර්ධන මේ බව සදහන් කරයි.