ඊයේ (10) කඩවත පැවති ජන හමුවක් අමතමින් සර්වජන බලය නායක දිලිත් ජයවීර මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යෝජනා කර සිටියේ රෝහණ විජේවීර ඇතුළු ඉල් මහ විරුවන් ඝාතනය සම්බන්ධයෙන් සෙවීමට කොමිසමක් පත්කරන ලෙසයි.
එහිදී දිලිත් ජයවීර මහතා වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙසේය,
“අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමනි.. ඔබ තුමාගේ මුල් නායකයා ඒ ආදරණීය රෝහණ විජේවීර සහෝදරයානන් අමු අමුවේ ආදාහනය කරපු ඒ ඝාතනය කරපු එක ගැන ඔබතුමා ජනාධිපති වුණ දවසේ ඉදලා හොයයි කියලා අපේ ගමේ මිනිස්සු බලාගෙන ඉන්නේ..
මගේ විශ්වවිද්‍යාලයේ අපිත් එක්ක එකට හිටපු අය ඝාතනය කරා. ඒ ඔක්කෝම ගමෙන් ආපු අහිංසක මිනිස්සු. ඒගොල්ලන්ට කොළඹ හයිය තිබුණේ නෑ. ඒ අයට NGO හයිය තිබුණේ නෑ .
එක්නැලිගොඩ ගැන තියෙන අමාරුව, තාජුඩීන් ගැන තියෙන අමාරුව, ලසන්ත ගැන තියෙන අමාරුව අපේ ඉල් මහ විරුවන් ගැනත් තියෙන්න ඕනේ. අන්න ඒ ගැනත් මම ඔහුට මතක් කරලා දෙන්නට කැමතී .
එඩිතර විපක්ෂය හැටියට අපි පාර්ලිමේන්තුවට එනවා. අපි යෝජනාවක් ගේනවා මේ රටේ අර අහිංසකව ඝාතනය වුණ සියලුදෙනා ගැන සොයන්නට කොමිසමක් දාන්නට. අපි හිටගන්නවා අනුර කුමාර සහෝදරයත් සමග”.