පාස්කු ප්‍රහාරයට අදාළව පිල්ලෙයාන් වහාම CIDයට කැදවයි!
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශනයට අදාළව ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (12) දිනයේ කැඳවා ඇත.
ඒ අනුව අද දින උදෑසන 9.30ට ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව සදහන් කරයි.
මරාගෙන මැරෙන පාස්කු ප්‍රහාරය සම්බන්ධ ආන්දෝලනාත්මක කරුණු සහ කුමන්ත්‍රණ ඇතුළු චෝදනා කීපයක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට පරීක්ෂණ පවත්වයි.
පාස්කු ප්‍රහාරයට අදාළව පිල්ලෙයාන් වහාම CIDයට කැදවයි!
2024-11-12T07:10:00+05:30
Gossip Lanka Hot News






