පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ මාදිවෙල මන්ත්රී නිල නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි හිටපු මන්ත්රීවරුන් හතක් නිවාස භාරදී පිටව ගොස් ඇති බව වාර්තා වේ.
හිටපු මන්ත්රීවරුන් එම නිල නිවාස සංකීර්ණයෙන් වහාම ඉවත් නොවුවහොත් නිවාස වල විදුලිය සහ වතුර කපන බව පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර පසුගියදා දැනුම් දුන්නේය.
එම දැනුම් දීමෙන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් හතක් නිල නිවාස භාරදී පිටව ගොස් ඇත.
කෙසේ වෙතත් හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 30 කට ආසන්න පිරිසක් තවදුරටත් නිල නිවාස භාරදී නොමැති අතර ඇතැම් හිටපු මන්ත්රීවරුන් සිය නිවාසවල භාණ්ඩ ඉවත් කර ගනිමින් සිටින බව වාර්තා වේ.