මෙරටට පැමිණෙන ගුවන් යානා ආපසු හරවා යැවේ!
ගුවන්තොටුපොළ ආරංචි මාර්ග පවසන්නේ කටුනායක ගුවන් තොටු පොළ අවට ප්‍රදේශයට මේ වන විට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය හේතුවෙන් කටුනායක ගුවන් තොටු පොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් මත්තල සහ ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටු පොළ වෙත ඊයේ (26) දින රාත්‍රී හරවා යැවූ බවයි.
ඉන්දියාවේ චෙන්නායි සහ මාළදිවයින මාළේ නුවර සිට පැමිණි ගුවන් යානා මෙන්ම අබුඩාබි සිට පැමිණි ඉටිහාඩ් ගුවන් සේවයේ ගුවන් යානය ද මත්තල ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට බලධාරීන් කටයුතු කර ඇති අතර ජපානයේ නරීටා, ඩුබායි සහ ඉන්දියාවේ චෙන්නායි සිට කටුනායක ගුවන් තොටු පොළ වෙත පැමිණි ගුවන් යානා 03ක්ද ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත යොමු කර තිබේ.
මෙරටට පැමිණෙන ගුවන් යානා ආපසු හරවා යැවේ!
2024-11-27T11:03:00+05:30
Gossip Lanka Hot News






