gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සියල්ල රනිල් දන්නවා.. මන්ත‍්‍රී යුද්දය තව ගිනි තියමින් සිලින්ඩරයෙන් ප‍්‍රකාශයක්!

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට මෙවට පාර්ලිමේන්තු මැතිවරණයෙන් හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයන් සම්බන්ධයෙන් ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය පිළිබඳව එම පක්‍ෂය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම පක්ෂයේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා මහත්මියගේ අත්සනින් නිකුත් කර ඇති එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර කරුණු සම්බන්ධයෙනි

ඉහත කාරණය සම්බන්ධයෙන් මාධ්‍ය මගින් ප්‍රචාරය වන පදනම් විරහිත අසත්‍ය තොරතුරු මාධ්‍ය සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම නිසා සමාජය තුල කැළඹීමක් සිදු කෙරෙමින් පවතින බව පෙනේ. එබැවින් මේ පිළිබද සත්‍ය පසුබිම පැහැදිලි කිරීමට අපේක්ෂා කරමු.

2024 පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීම අරමුණු කර, පොදුජන එක්සත් නිදහස් පෙරමුණ (කුසලානය)  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන එක්සත් පෙරමුණ (පුටුව) නව සංධානය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සමග සන්ධාන ගත වීමට එකග විය. ඒ අනුව අප පක්ෂයේ නිල ලාංචනය වූ ” හංසයා ” ගැස් සිලින්ඩරය ලෙස වෙනස් කරගැනීමටත් පක්ෂ ව්‍යවස්ථාවේ ඇතැම් සංශෝධන සිදුකර ඒ සදහා අවශ්‍ය පරිසරය සකස් කර දෙන ලෙසත් අප වෙත එම පක්ෂ විසින් ඉල්ලීම් ඉදිරිපත් කරන ලදී. ඒ අනුව ඉහත සදහන් පක්ෂ සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී.

එකී ගිවිසුමේ 05 වන උප ලේඛනයට අනුව මැතිවරණ ප්‍රතිපල වලට අදාලව ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර වලින් අවම වශයෙන් එක ධුරයක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ විසින් නම් කරනු ලබන අපේක්ෂකයෙකු හට ලබා දීමට එකග වී ඇත. පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිපල අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකක් හිමි විය. පක්ෂ අතර ගිවිසගත් ආකාරයට ඉන් එක් ධුරයක් නම් අප පක්ෂය විසින් කරනු ලබන අපේක්ෂයෙකුට ලබාදීමේ අවස්ථාව අප පක්ෂයට ලැබී ඇත. එබැවින් 2024 නොවැම්බර් 17 වෙනි දින රැස් වූ පක්ෂයේ කෘත්‍යාධිකාරී/ විධායක කමිටුව විසින් එම මන්ත්‍රී ධුරයට ජාතික ලැයිස්තුවෙන් නාම යෝජනා ලබා දී තිබු රවී කරුණානායක මහතා නම් කිරීමට ඒකමතිකව තීරණය කළේය.

මෙම තොර ගැනීමට පදනම් වූ ප්‍රධාන කරනා කිහිපයකි. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 1994 ආරම්භ කරන විට හංසයා සලකුණ යටතේ අභාවප්‍රාප්ත ශ්‍රීමනි ඇතුලත් ත්මුදලි මහත්මිය ගේ නායකත්වයෙන් මෙම පක්ෂය ලියා පදිංචි කරන ලදී. අනතුරුව පැවති මැතිවරණයේදී පොදුජන පෙරමුණ සමග සන්ධාන ගත වී තරග කර මන්ත්‍රී ධුර 4 ක් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 2 ක් දිනා ගන්නා ලදී. ඒ අවස්ථාවේ පක්ෂය නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරනු ලැබුවේ රවී කරුණානායක සහ කේසරලාල් ගුණසේකර යන මහත්වරුන් දෙදෙනාය. ඔවුන් 2000 වර්ෂයේ සිට වසර 5 ක කාලයක් පාර්ලිමේන්තුවේ අප පක්ෂය නියෝජනය කළේය. නැවතත් 2024 පාර්ලිමේන්තු මැතිවරණයෙන් අප පක්ෂයට ජාතික ලැයිස්තුවන් මන්ත්‍රී ධුරයක් නම් කිරීමේ අවස්ථාව ලැබී ඇත. මේ කරුණු සැලකිල්ලට ගනිමින්, දිවංගත නායක ලලිත් ඇතුලත් මුදලි මැතිතුමාගේ සමීප අනුගාමිකයෙකු වූ ද තවමත් අප පක්ෂයට කෙරෙහි ලැදිව කටයුතු කරන රවී කරුණානායක මහතාට මේ අවස්ථාව ලබා දීම සුදුසු බව පක්ෂයේ ඒකමතික තීරණයයි.

2010, 2014, පැවති ජනාධිපතිවරණ සදහා පොදු අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වූ සරත් ෆොන්සේකා සහ මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන්මෙන්ම, 2019 සජිත් ප්‍රේමදාස මහතාටත් අප පක්ෂයේ සලකුණ වූ හංසයා යටතේ තරග කිරීමේ අවස්ථාව සලසා දුන් බවද පක්ෂයේ අනන්‍යතාවය පිලිබදව කතා කරන අයට සිහිපත් කර දිමට මෙය අවස්ථාව කර ගනිමි.

සන්ධානගත පක්ෂ සහ අප පක්ෂය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුම ප්‍රකාරව අප පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු ධුරයට අයෙකු නම් කිරීමට අපට ඇති අයිතිය අනුව ක්‍රියා කිරීම වරදක් හෝ අත්තනෝමතික ක්‍රියාවක් ලෙස යමෙකු දකින්නේ නම් අපට කිව හැක්කේ අප විසින් අවබෝධතා ගිවිසුමට පරිබාහිරව හෝ ඊට හානි වන කිසිවක් සිදු කර නොමැති බවය.

2024 නොවැම්බර් 18 දින වන විට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර නම් කල යුතුව තුබුන නමුදු ඒ වන තෙක් සන්ධානයේ සෙසු පක්ෂ වල නියෝජනය මා වෙත දැනුම් දී නොතිබුන බැවින් අප පක්ෂය විසින් ගන්න ලද තීරණය වූ රවී කරුණානායක මහතා ගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත බාර දීමට කටයුතු කළෙමු. ඊට පෙරතුරව, අප පක්ෂය විසින් ස්තිර කරනු ලැබූ යෝජනාව ගරු රනිල් වික්‍රමසිංහ මැති තුමා වෙත දැන්වීමට කටයුතු කළෙමු. මෙම ජාතික ලැයිස්තු අපේක්ෂකයා නම් කිරීමේදී අප විසින් කිසිදු අනීතික හෝ අවබෝධතා ගිවිසුමට එරෙහිව කිසිදු ක්‍රියාවක් සිදු කර නොමැති අතර අප විසින් ක්‍රියාත්මක කලේ අපට ඇති අයිතිය පමණක් බව අවධාරණය කරමු.

පසුගිය දින කීපය තුල, අප පක්ෂ සන්ධානයේ හවුල් කාර පක්ෂයක් නොවන, කිසිදු චන්ද පදනමක් නැති නිරතුරුව පක්ෂ මාරු කරන පහත පෙලේ සදාචාරයක් නොමැති නන්නතාරේ යන කණ්ඩායම් සහ පුද්ගලයන්ට සහ කණ්ඩායම් වලට අපට කීමට ඇත්තේ කන්නාඩියක් ඉදිරියට ගොස් බලා ගන්නා ලෙසය. ඔවුන්ගේ වාචාල වලට පිළිතුරු දීමට කල් ගත කිරීම කාලය නාස්ති කිරීමක් ලෙස දකිමු.

ශ්‍යාමිලා පෙරේරා
ලේකම්
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka