අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු ඇප මත මුදා හැර තිබේ. අද උදෑසන අත් අඩංගුවට ගෙන බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ හරීන් ප්‍රනාන්දු ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි බදුල්ල මහේස්ත්‍රාත් නජිත් ද සිල්වා නියෝග කළේය.
මෙම නඩුව ලබන වසරේ මාර්තු මස 20 දින යළි කැඳවීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මැතිවරණ නීති උල්ලංඝනය කරමින් මැතිවරණ සමයේ තම අංකය සහිත මුද්‍රිත ටී ෂර්ට් සහ හිස් වැසුම් පැළඳගෙන බදුල්ල නගරයේ සමූහයක් සමග ගමන් කරමින් සිටි හරින් ප්‍රනාන්දු ඇතුළු කණ්ඩායමකට කරුණු පහදා දෙන්න ගිය පොලිසිය සමග ඔහු ගැටුමක් ඇතිකරගෙන තිබිණි.
ඒ සම්බන්ධව සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද උදෑසන බදුල්ල පොලිස් ස්ථානයට කැඳවූ හරීන් ප්‍රනාන්දු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය