gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකාවේ ඊලාම් රාජ්‍යයකට ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි - කැනඩා පාර්ලිමේන්තුවට යෝජනාවක්!

 ශ්‍රී ලංකාවේ ඊලම් රාජ්‍යයක් පිහිටුවීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව කැනඩාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් යෝජනා කර තිබේ.

කැනඩා පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෝන් චෙන් කැනඩා පාර්ලිමේන්තුව වෙත යෝජනාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහිව දෙමළ සංහාරය සම්බන්ධයෙන් චෝදනා විභාග කල යුතු යයි පෙත්සමක් අත්සන් කිරීමටත් ජනමත විචාරණයක් පැවැත්වීමටත්ය.

ශ්‍රී ලංකාවේ දෙමළ වැසියන්ගේ ස්වයංපාලන අයිතිය  ශ්‍රී ලංකා රජය දරුණු ආකාරයෙන් උල්ලංඝනය කර ඇතැයි ද එම පෙත්සමෙන් කියා සිටී.

2019 වසරේ මැයි මාසයේදී සිදු කළ ජන සංහාරක යුද්ධය හරහා දෙමළ ඊලම සම්පූර්ණයෙන්ම සමූල ඝාතනය කිරීමකින් අවසන් කළ බවත් එම පෙත්සමෙන් චෝදනා කරයි.

ශ්‍රී ලංකාවට එරෙහිව ලෝකයේ සියළුම රාජ්‍යයන් එක්වී ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවේ දෙමළ සංහාරයට එරෙහිව චෝදනා ගොනු කළ යුතු බවද ඔහු තවදුරටත් එමඟින් යෝජනා කර ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka