මාදිවෙල මන්ත‍්‍රී නිවාස හවුලේ භාවිත කරන්න යයි
මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවාස හවුලේ භාවිතා කිරීමේ ක්‍රමවේදයක් සඳහා රජයේ අවධානය යොමුවී තිබේ.
ඒ අනුව කැබිනට් අමාත්‍යවරුන්ට නිල නිවාස ලබා නොදීමටත් මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවාස කිහිප දෙනෙකු හවුලේ භාවිතා කිරීමටත් අවධානය යොමුව ඇත.
මාදිවෙල නිල නිවාස ලබාදෙන්නේ පාර්ලිමේන්තු කාලයේදී අදාළ රාජකාරී සඳහා රැඳී සිටීමට ස්ථානයක් අවශ්‍ය වීම සලකමිනි.
එම මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවාස එකසිය දොළහක් මන්ත්‍රීවරුන් සඳහා ලබාදීමේ පහසුකම් තිබේ.
මාදිවෙල මන්ත‍්‍රී නිවාස හවුලේ භාවිත කරන්න යයි
2024-11-30T09:37:00+05:30
Gossip Lanka Hot News






