කොළඹ දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයෙන් මහ මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයෙකු වන චරිත් අබේසිංහගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල ඇති අමුතුම හැඩය ගැන මේ දිනවල සමාජ මාධ්‍යවල කතාබහට ලක් වෙනවා. Ask Me Anything වැනි වැඩසටහන් හරහා ජනතාව සමඟ සම්බන්ධ වෙමින් කරන දේශපාලන සංවාද සහ දේශපාලනය පිළිබඳ තෝරාගත් විවිධ මාතෘකා කිහිපයක් ඔහුගේ Youtube නාලිකාව හරහා නිකුත් කොට ඇති අතර ඉදිරියේදී ද මෙවැනි වැඩසටහන් රැසක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව චරිත් අප සමඟ පවසා සිටියා.
“අපේ රටට අලුත් දෙයක් වුනත් නූතන දේශපාලනය තුළ මෙවැනි ක්‍රම ඉතා සාර්ථකව සිදු වෙනවා. දේශපාලනය කියන්නෙම සංවාද කිරීම මත ගොඩනැඟෙන වැඩක්. අපි අලුත් දේශපාලන සංස්කෘතියක් මේ රටේ නිර්මාණය කරන්න කතා කරනව නම් ඒකට බිම් මට්ටමේ ඉදලා හොඳ සැලසුමක් තියෙන්න ඕනෙ. අපි මේ වගේ දේවල් හරහා උත්සහ කරන්නෙ ඒ සැලසුමේ කොටස් බිම් මට්ටමේ පැළ කරන එක. මේ ආරම්භය ආදර්ශයක් විදියට අරගෙන සංවාදශීලී දේශපාලන සංස්කෘතියක් අපි මේ රටේ හදමු.”
චරිත් අබේසිංහ තමන්ගේ සමාජ මාධ්‍ය හරහා දේශපාලනය සංවාදයට අලුත් හැඩයක් එකතු කරන්නට උත්සහ දැරීම ගැන වගේ ඔහුගේ තේමාව වී ඇති ‘මඩ නැතුව කතා කරමු’ යන තේමාව ද බොහෝ දෙනා අගය කළ කාරණයක්.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සජීවී සංවාදයකට කැඳවා ප්‍රශ්න කරන වැඩසටහනක් ද පසුගියදා Youtube සහ Facebook මඟින් සජීවීව හරහා විකාශය වුනා.
සජිත් ප්‍රේමදාස නම් වූ දේශපාලන චරිතය පිළිබඳ එල්ල වී ඇති තියුණු විවේචන කිහිපයක් එහිදී චරිත් අබේසිංහ විසින් මතු කරනු ලැබූ අතර, මෑත කාලයේ පක්ෂ නායකත්වයේ අඩුපාඩු ඍජුව ප්‍රශ්න කළ වැඩසටහනක් ලෙස කැපී පෙනුණා.
“සාම්ප්‍රදායික දේශපාලන වේදිකාවලින් ඔබ්බට ගිහින් මේ වගේ ඩිජිටල් වේදිකාවන් තුළ සංවාදශීලී දේශපාලනයක් ගොඩනැඟීම අපේ බලාපොරොත්තුවයි.” මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් චරිත් අබේසිංහ අප සමඟ පවසා සිටියා.
එම වැඩසටහන පහතින්