හිටපු මන්ත්‍රීවරුන්ගේ සැප ජීවිතය අවසන්!
මහ මැතිවරණයෙන් පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගොස් ඇති බවත් තවත් මන්ත්‍රීවරුන් 80 දෙනෙකු පමණ පිටව යෑමට නියමිත බවද වාර්තා වේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 110 දෙනෙක් මාදිවෙල මන්ත්‍රී නිල නිවාසයන්හි රැඳී සිටිය අතර ඔවුන්ට මහ මැතිවරණය පැවැත්වෙන දින තෙක් රැඳී සිටීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් අවසර ලබාදී තිබුණේය.
මේ වනවිට පාර්ලිමේන්තුවට අලුතෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාදීමට ඇති හෙයින් ඒවා පිළිසකර කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත.
හිටපු මන්ත්‍රීවරුන්ගේ සැප ජීවිතය අවසන්!
2024-11-19T06:39:00+05:30
Gossip Lanka Hot News






