ජොන්ස්ටන් ආපසු කැඳවයි... මහාධිකරණයෙන් නියෝගයක්!
නඩුවකට පෙනී නොසිටීම නිසා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (01) ඉදිරිපත් වීමෙන් අනතුරුව වරෙන්තුව ආපසු කැඳවා අමතර ඇපයක් මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.
නඩුව කැඳවූ ඉකුත් (23) වනදා මෙම විත්තිකරු අධිකරණයට නොපැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් දීම සදහා ගොස් ඇති බව ජොන්ස්ටන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා සදහන් කළේය.
එහෙත් විත්තිකරු ඉදිරිපත් කරන කරුණු කෙරෙහි සෑහීමකට පත්විය නොහැකි බව සඳහන් කළ විනිසුරුවරයා ඔහුට අමතර ඇපයක් නියම කරන බව නියෝග කළ අතර නඩුවේ විභාගය එළඹෙන ජනවාරි මස (27) වනදාට කල් තැබුණි.
ඒ අනුව ජෝන්ස්ටන්ට රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියෝග කළ විනිසුරුවරයා ඇප තැන්පත් කිරීමෙන් පසුව විත්තිකරු මුදාහරින ලෙසත් නියෝග කළේය.
හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර ඇත.
ජොන්ස්ටන් ආපසු කැඳවයි... මහාධිකරණයෙන් නියෝගයක්!
2024-11-01T15:10:00+05:30
Gossip Lanka Hot News






