gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රනිල් ඔයා දෙන්නේ බොරු පොරොන්දු.. දැන්වත් ඉවත් වෙන්න.. ඔයාගේ කණ්ඩායම ආවොත් කවදාවත් රට දියුණු කරන්න බෑ..! - දිලුම් අමුණුගම

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය සමයේ රජයේ සේවක වැටුප් වැඩි කිරීම සදහා කැබිනට් අනුමැතිය ගත්තේ ඒ සදහා මුදල් වෙන් කිරීමක් සිදු නොකර බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම සදහන් කරයි.

වත්මන් ආණ්ඩුව අපහසුතාවට පත්කර බලය ගැනීමේ ගෝත්‍රික මතවාදයෙන් විපක්ෂය බැහැර විය යුතු බවත් එසේ නොවුණොත් මේ රට කිසි දවසක දියුණු කිරීමට නොහැකි බවද හිටපු මන්ත්‍රී දිලුම් අමුණුගම සදහන් කරයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම තවදුරටත් සදහන් කළේ,

“ආණ්ඩුව අපහසුතාවට පත්කර බලය ගැනීමේ ගෝත්‍රික මතවාදයෙන් දැන් හෝ විපක්ෂය බැහැර විය යුතුයි. එසේ නොවුණොත් මේ රට කිසි දවසක දියුණුව කරා රැගෙන යන්න බෑ. පසුගිය ජනපතිවරණයේදී මම සහාය දුන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට.

එතුමා කිව්වා මම ආවොත් රජයේ සේවක වැටුප් වැඩි කරනවා කියලා. නමුත් එතුමා පරාජය වුණා. දැන් රනිල් වික‍්‍රමසිංහ මහතා වත්මන් ජනපතිට කියනවා රජයේ සේවක වැටුප් වැඩි කරන්න කියලා. රනිල් වික්‍රමසිංහ මහතා බලයට ආවානම් ඔහුට ද මේ කියන ආකාරයට පඩි වැඩි කරන්න බෑ.

රජයේ සේවක වැටුප් වැඩි කරන්න ජනපතිවරණ සමයේ කැබිනට් අනුමැතියක් ගත්තට ඒක කරන්න රජයට මුදල් තිබුණේ නෑ. රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරන්න මම මුදල් වෙන් කළා කියලා හිටපු ජනපතිවරයා කරන ප්‍රකාශය වැරදියි.

වත්මන් ජනපතිවරයා රනිල් වික්‍රමසිංහ කියන දේවල් කරන්න ගියොත් මේ රට නැවතත් ආර්ථික අතින් පහළට ඇදවැටෙනවා. තැපැල් ඡන්ද ගැන හිතා රජයේ සේවක වැටුප් වැඩි කරන්න ගියොත් මේ රට තවතවත් අර්බුදයට ලක්වෙනවා.

රට වට්ටලා බලය ගන්න මේ සංස්කෘතිය අපි ප්‍රතික්ෂේප කළ යුතුයි. රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කණ්ඩායම නැවත මතු කරන්න හදන්නේ අපි ප්‍රතික්ෂේප කරන ඒ නරක දේශපාලන සංස්කෘතියයි.

බලයට එන්න ඕන නිසා දේශපාලන පක්ෂ භාණ්ඩාගාරයේ තත්ත්වය ගැන නොසිතා පොරොන්දු දුන්නා. සමෘද්ධිය වැඩි කරනවා කිව්වා, උපාධිධාරීන්ට රැකියා දෙනවා කිව්වා. සාමාන්‍ය පෙළ අසමත් අයට රජයේ රැකියා දුන්නා. මේ වගේ දේවල් නිසා රාජ්‍ය සේවය රටට බරක් වුණා.”

සර්වජන බලය පක්ෂයේ කටුගස්තොට, ගොහගොඩ ප්‍රදේශයේදී පැවති ජන හමුවක් අමතමින් හිටපු මන්ත්‍රී දිලුම් අමුණුගම මේ බව සදහන් කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka