වතුකරයට බෙදන්න ගෙනා මැෂින් විකුණලා සල්ලි ගත්තා! ව්‍යාපෘතිවලින් කොමිස් ගත්තා! කෙසෙල්ගමු ව්‍යාපෘතියෙන් විශාල සල්ලියක් අරගත්තා! පක්ෂයේ ඉඩම් පවුලේ නමට ලියාගත්තා!
ලංකා කම්කරු කොන්ග්‍රසයේ වසර 37 ක කාලයක් ජෙෂ්ඨ උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කළ අරුලානන්දන් පිලිප් කුමාර් සහ නුවරඑලිය දිස්ත්‍රික්කයේ හගුරන්කෙත ආසන සංවිධායක ලෙස කටයුතු ආර්.පුවනේෂ්වරම් ලංකා කම්කරු කොන්ග්‍රසයේ දැරු සියළුම තනතුරු වලින් සහ පක්ෂ සමාජිකත්වයෙන් 06 දින ඉල්ලා අස්වී තිබේ.
ඒ සම්බන්ධයෙන් වු ලිපිය පක්ෂයේ මහ ලේකම් ජිවන් තොණ්ඩමන් වෙත යොමු කළ බවත්, ලංකා කම්කරු කොන්ග්‍රසයේ වත්මන් නායකත්වය තුළ දුෂණ වංචා රැසක් ඇති බවත්, වතුකරයේ ජනතාවගේ යටිතල පහසුකම් නංවාලන බව පවසමින් ලංකා කම්කරු කොන්ග්‍රසයේ වත්මන් නායකත්වය මුදල් ඉපයිමේ ව්‍යාපාරවල නිරතවන බව පක්ෂයෙන් ඉවත් වු අරුලානන්දන් පිලිප් කුමාර් සහ ආර්.පුවනේෂ්වරම් 06 දින හැටන් නගරයේ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසිය.
මෙම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක් වු අරුලානන්දන් පිලිප් කුමාර් කියා සිටියේ ලංකා කම්කරු කොන්ග්‍රසයේ කොටගල පිහිටි පක්ෂ මුලස්ථානයේ වතුකරයේ තරුණ තරුණියන්ට වෘත්තිය පුහුණු ලබාදිමට අවශ්‍ය විශාල වටිනාකමකින් යුත් යන්ත්‍ර සුත්‍ර ගණනාවක් තිබු බවත්, පක්ෂ සමාජිකත්වය හෝ පක්ෂයේ විධායක සභාව දැනුවත් නොකර වත්මන් නායකයා විසින් එම යන්ත්‍ර සුත්‍ර සියල්ල මේ වන විට විකුණා දමා එම මුදල් ඔහුගේ පෞද්ගලික කටයුතු සදහා ලබාගෙන ඇති බවත්ය.
ජිවන් තොණ්ඩමන් අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කළ සමයේ වතුකරයේ සංවර්ධන කටයුතු කිහිපයක් සිදු කළ බවත්, එම සංවර්ධන කටයුතුවලින් විශාල කොමිස් මුදලක් ඔහු විසින් ලබාගෙන ඇති බවත් හිටපු ජ්‍යෙෂ්ට උප සභාපතිවරයා කියයි.
තවද බගවන්තලාව කෙසෙල්ගමුඔය පිටාර ගැලීම නිසා ජනතාව පීඩාවට පත් විම නිසා කෙසෙල්ගමුඔය පුළුල් කිරිමේ ව්‍යාපෘතියක් ගෙනවිත් එම ව්‍යාපෘතියට වෙන් කළ විශාල මුදලක් ජිවන් තොණ්ඩමන් සහ එම පක්ෂයේ භාණ්ඩාගාරික මරුදපාණ්ඩි රමේෂවරන් ඇතුළු ඔවුන්ට හිතවත් කිහිපදෙනෙකු විසින් ලබාගෙන ඇති බවය.
ලංකා කම්කරු කොන්ග්රසය සතු වටිනා ඉඩම් කිහිපයක්ම මේ වන විට ජිවන් තොණ්ඩමන්ගේ පවුලේ අයගේ නම් වලට ලියාපදිංචි කරගෙන ඇති බවත්, නුවරඑලිය කඳපොල ප්‍රදේශයේ රජය සතු විශාල ඉඩමක් වතු කම්කරුවන්ට ලබාදෙන බවට පවසා වෙන් කරවාගෙන එම ඉඩම ජිවන් තොණ්ඩමන් විසින් වෙනත් අයෙකුට මුදලට විකුණා ඇති බවද අරුලානන්දන් පිලිප් කුමාර් පැවසිය.
ලංකා කම්කරු කොන්ග්රසය සිදු කරන දෙයම වතුකරය නියෝජනය කරන දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නායකයින් සහ ආධාරකරුවන් සිදු කරන බවත්, මෙම වෘත්තිය සමිති දෙකම වතු කම්කරුවන් රවටා ජන්දය ලබාගෙන ඔවුන් සැප විදිමින් වසර පහකට පසු ජන්දය පැවැත්වෙන සමයේ පමණක් වතු කම්කරුවන් ළඟට පැමිණෙන බවත් අරුලානන්දන් පිලිප් කුමාර් සහ ආර්.පුවනේෂ්වරම් මෙම මාධ්‍ය හමුවේ දි කියා සිටියේ.
දුෂණය වංචාවෙන් තොර රටක් නිර්මාණය කිරිමේ නායකත්වය දරණ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක වටා මේ වන විට වතුකරයේ එම වෘත්තිය සමිතිවල සමාජිකයන් සහ ඔවුන්ගේ දරුවන් එක් වි ඇති බවත්, වතුකරයේ ජනතාව බුද්ධිමත්ව එම තිරණය ගෙන ඇති බවත් අරුලානන්දන් පිලිප් කුමාර් මහතා සහ ආර්.පුවනේෂ්වරම් වැඩිදුරටත් කියා සිටියේය.
lankasara