මෙවර මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ලද ජයග්‍රහණයට ඉන්දියාව සුබ පතයි. ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී මෙම කරුණ සඳහන් කළේය. දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ඉන්දියාව කැපවී සිටින බව ද ඔහු ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ලද ජයග්‍රහණයට ඉන්දියාව උණුසුම් සුබ පැතුම් එක් කර තිබේ. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී මෙම සුභ පැතුම එක් කර ඇත.
අසල්වැසි ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක් ලෙස ඉන්දියාව ජාතික ජන බලවේගය ලැබූ ජන වරමට සුබපතන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය X අවකාශයේ සටහනක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ. දෙරටේ ජනතාවගේ සුබසෙත උදෙසා ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරලීමට කැපවී සිටින බවද එහි සඳහන් වේ.