gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ගාල්තැන්න දේවගැතිවරයාගේ වාහන අංගනයෙන් ව්‍යාජ අංක තහඩු සහිත තවත් සැප රියක් සොයා ගැනේ!

ගාල්තැන්න දේවාලයේ දේවගැතිවරයාට අයත් අම්පිටිය ගාල්තැන්න දේවාල පරිශ්‍රයේ පිහිටි වාහන අංගනයේ තිබී ව්‍යාජ අංක තහඩු සහිත තවත් මොන්ටේරෝ වර්ගයේ ජීප් රථයක් පොලීසිය පෙරේදා (05) සොයාගෙන තිබේ.

මෙම වාහන අංගනයේ මොන්ටේරෝ හා ප්‍රාඩෝ ජීප් රථ ද ඩිෆෙන්ඩර් හා කාර් රථ ද ඇතුළු වාහන 12 ක් තිබෙන බවත් එම වාහන වල අංක මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත යොමුකර වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කර තිබෙන බවත් පොලීසිය පවසයි.

පොලීසිය භාරයට පෙරේදා (05) ගනු ලැබූ ජීප් රථයේ සවිකර තිබූ අංක තහඩුව මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුවට යොමුකර සිදුකළ විමර්ශනයේ දී එම අංකයට නිත්‍යානුකූලව ලියාපදිංචි කළ මෝටර් රථයක් කුලියාපිටිය ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු සතුව තිබෙන බව හෙළිව ඇත.

පොලීසිය ඔවුගෙන් ද ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව පෙරේදා (05) පස්වරුවේ ගාල්තැන්න දේවාල පරිශ්‍රයේ වූ වාහන අංගනයේ තිබී අදාළ මොන්ටේරෝ වර්ගයෙ ජීප් රථය පොලීසිය භාරයට ගෙන තිබේ.

දිගන අයි.සී.සී නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් නොමැති නිවසක ගරාජයේ ගාල්කර තිබිය දී තෙල්දෙණිය පොලීසිය විසින් මෙයට පෙර සොයාගත් ව්‍යාජ අංක තහඩු සහිත මොන්ටේරෝ වර්ගයේ ජීප් රථය වසර ගණනාවක් තිස්සේ ගාල්තැන්න දේවාලයේ දේවගැතිවරයා පාවිච්චි කර තිබෙනබව අනාවරණය වීමෙන් පසු පොලීසිය පසුගිය (02) දා ඔහු සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

(කමල් සුරවීර- මහනුවර)


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka