gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගම්පහ දිස්ත්‍රික්කයේ අවසන් ප්‍රතිපලය මෙන්න : ජාත්‍යන්තර සමීක්ෂණ වාර්තාව

RNB පර්යේෂණ සමාගම ඉන්දියාවේ නව දිල්ලිය මූලස්ථානය කරගත් ජාත්‍යන්තර සමාගමක් වන අතර චීනය, ඊජිප්තුව, ගල්ෆ්, ඉන්දියාව, කෙන්යාව, පිලිපීනය, රුසියාව, දකුණු අප්‍රිකාව, තායිලන්තය හා වියට්නාමය යන රටවල ද ක්‍රියාත්මක වන්නකි. එම සමාගම විසින් 2024 ශ්‍රී ලංකා මහ මැතිවරණය පදනම් කරගනිමින් ගම්පහ දිස්ත්‍රික්කයේ සිදුකරන ලද සමීක්ෂණ වාර්තාවක් අප වෙත ලැබී ඇත.

ඒ අනුව 2024 මහ මැතිවරණයේදී සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයින් ගණන 1,881,129 වන අතර, ඉන් 1,284,980 ඡන්ද දායකයින් ප්‍රමාණයක් හෙවත් 68% මෙවර සිය ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එසේම එම වාර්තාව අනුව ජාතික ජන බලවේගය ගම්පහ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරන්නේ 633,166ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමිනි. එහීදී සමඟි ජන බලවේගය 271,057 ඡන්ද ප්‍රමාණයකුත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (ගෑස් සිලින්ඩරය) 149,040ක ඡන්ද ප්‍රමාණයකුත් ලබා ගන්නා බව අදාළ සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි.

ඒ අනුව ජාතික ජන බලවේගය බෝනස් ආසනය සමඟ පාර්ලිමේන්තු ආසන 12කුත්,  සමඟි ජන බලවේගය විසින් ආසන 04කුත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (ගෑස් සිලින්ඩරය) ආසන 2කුත් ලබා ගණු ඇතැයි අපේක්ෂිතය. විශේෂත්වය වන්නේ නව පක්ෂයක් වන සර්වජන බලය පක්ෂයට ද එක අසුනක් හිමිව තිබීමයි.

මනාප ප්‍රතිපල අනුව ජාතික ජන බලවේගයේ කණ්ඩායම් නායක විජිත හේරත් මහතා ඇස්තමේන්තුගත මනාප 403,558ක ප්‍රමාණයක් ලබා ගනිමින් ජාතික ජන බලවේග ලයිස්තුවේ ප්‍රථමයා බවටත් ඇස්තමේන්තුගත මනාප 151,960ක් ලබාගන්නා මහින්ද ජයසිංහ මහතා එම ලයිස්තුවේ දෙවෙනි තැනටත් පත්වන විට සමඟි ජන බලවේගයේ ඇස්තමේන්තුගත මනාප ලයිස්තුවේ පෙරමුණ ගැනීමට හර්ෂණ රාජකරුණා මහතා සහ ප්‍රසාද් සිරිවර්ධන මහතා සමත්ව තිබේ.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් ලසන්ත අලගියවන්න මහතා එම ලැයිස්තුවේ පෙරමුණ ගෙන ඇති අතර සර්ව ජන බලය පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා එම පක්ෂයේ ඇස්තමේන්තුගත මනාප ලයිස්තුවේ පෙරමුණ ගෙන තිබේ.

සම්පුර්ණ වාර්තාව පහතින්,
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka