මේ වනවිට රටේ දරුවන් 108 දෙනෙක් සම්බන්ධව බරපතල ප්‍රශ්නයක් ඇති කර එය සමාජ විරෝධතාවයක් බවට පරිවර්තනය කරන්නට හදන කොරියානු රැකියා සම්බන්ධ E-8 වීසා ඛාණ්ඩය නිකුත් කිරීම පසුපස මිනිස් ජාවාරම දක්වා තල්ලු වන බරපතල අනිතික කාරණා රැසක් ඇති බවත් හිටපු කම්කරු ඇමති මනුෂ නානායක්කාරගේ මැදිහත්වීමෙන් සැලසුම්වන මේ අනීතික ජාවාරම සම්බන්ධව අපරාධ විමර්ශන කොට්ඨාසටය අද (25) පැමිණිල්ලක් කරන බවත් විදේශ සේවා කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ පැවසුවේය.
දැනට පෙනී යන අකාරයට මෙම විදේශ E-8 වීසා කරලියට රැගෙන විත් විදේශ ඇමති මනුෂ නානායක්කාර අයථා ලාභයක් උපයා ගන්නට සැලසුම් කර ඇති බවට සැක කළ හැකි තොරතුරු අනාවරණය වෙමින් ඇතැයි කී සභාපතිවරයා ඒ සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුවෙමින් තිබෙන බව අනාවරණය කළේය.
දෙරණ බිග් ෆෝකස් වැඩසටහනට එක් වෙමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා පැවසුවේ රටක් තවත් රටක් වෙත විදේශ රැකියා සදහා ශ්‍රමිකයෙක් යැවීමේ දී රාජ්‍ය දෙක අතර බල පවත්වන සියලුම නීති බිඳ හෙළමින් කම්කරු ඇමති මනුෂ නානායක්කාර විසින් කළ මේ නීතී විරෝධී රැකියා ගනුදෙනුව සම්බන්ධව නීතිය ක්‍රියාත්ම කරන්නට උත්සාහ කරන විට එය රජයට විරෝධයක් ලෙස යළි මතු කිරීමට දේශපාලන මෙහෙයවීමක් සිදුවන ආකාරය නිරීක්ෂණය වන බවය.
ඔහු මෙසේ ද කීවේය.
රැකියා ප්‍රවර්ධනය තමයි අපේ මූලික අරමුණ. නමුත් අපි එහෙම කිව්වට නීත්‍යානුකූලව ශ්‍රී ලාංකිකයෙක් විදේශගත කරන්නෙ කොහොමද කියලා අපේ ඇක්ට් එකේ ප්‍රතිපාදන තියනවා.
දකුණු කොරියාවට අපට ශ්‍රමිකයින් යවන්න EPS කියන ප්‍රධාන ධාරාවක් තියනවා. ඒ වගේම E 7 කියන කාණ්ඩය අපි ගිය අවුරුද්දට කලින් අවුරුද්දෙ ලබා දුන්නා. මේ දෙකම කරගෙන යනවා. නමුත් මේ E8 කියන එකේ බලපෑම මොකක්ද කියලා රජයක් විදිහට අධ්‍යයනය කරන්න ඕන. එහෙම අධ්‍යයනයකින් තොරව යම් කිසි අනීතික භාවිතයක් තුළ තමයි මේ වීසා ලබාගෙන තියෙන්නේ.
හිටපු කම්කරු ඇමතිගේ ගිවිසුම කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දන්නෙත් නෑ…
පැහැදිලි කරන්න ඕන මේතනදි රජයකට ජාත්‍යාන්තරව ශ්‍රමිකයෙක් පිටත් කිරීමේ දී නිසි ක්‍රමවේදයක් තියනවා. ඉතිහාසයට ගියොත් ජාත්‍යාන්තර ගිවිසුමක් හරහා රට යද්දි ගිවිසුම් සහගත වෙන්න ඕන ක්‍රමවේදයක් තියනවා. ඒ ක්‍රමවේදයට පිටින් ගිහිල්ලා හිටපු කම්කරු ඇමතිතුමාගේ කම්කරු අමාත්‍යාංශ නිලධාරීන්ගේ පවා දැනුම්වත් භාවයකින් තොරව නීත්‍යානුකූල නොවන ගිවිසුමක් ඔහු විසින් අත්සන් කරලා තියනවා කියන කාරණාව තමයි තියෙන්නේ.

එම සම්පූර්ණ වැඩසටහන පහත දැක්වේ