gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

හොර වාහන සිද්ධිය – ලොහාන් ගේ බිරිය රශී පබා රක්ෂිත බන්ධනාගාරයට…

නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද මෝටර් රථයේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ බිරිඳ වන රෂි ප්‍රභා රත්වත්තේ ද එළැඹෙන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ ඇයට කළ දැනුම්දීමකට අනූව ගංගොඩවිල අධිකරණය හමුවේ අද (04) පෙනීසිටීමෙන් අනතුරුවය. එහිදී රශී ප්‍රභා රත්වත්ත අත් අඩංගුවට ගනු ලැබ අධිකරණයට ඉදිරිපත් කළේය. එහිදී ගංගොඩවිල අධිකරණය රශී ප්‍රභා රත්වත්ත ලබන 07 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.

සිය නිවසේ සඟවා තිබූ නීති විරෝධී ලෙස එකලස් කළ සුඛෝපභෝගී ජිප් රථය සම්බන්ධව විමර්ශනවලදී ඇයගෙන් සහ ඇයගේ සැමියාවන ලොහාන් රත්වත්තේගෙන් ලැබිය යුතු කිසිම සහයෝගයක් ලැබී තිබුණේ නැත. එමෙන්ම ඇය මෙම වාහනය සිය සැමියාගේ සිය දිවි නසා ගත් ලේකම්වරයා විසින් සිය නිවසට ගෙනත් දැමූ බවට බොරු ප්‍රකාශ කරමින් මූලික විමර්ශන නොමග හැර තිබුණේය.

එමෙන් වැඩි දුර විමර්ශන සඳහා සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය හමුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙසට ඇයට දැනුම් දීම් සිදුකර තිබුණත් එය මගහරිමින් සිට අද දිනයේදී මිරිහාන පොලිසිය හමුවේ පෙනී සිට ඇති අතර එහිදී ඇයව අත්අඩංගුවට ගෙන තිබේ. මේ වනවිට මෙම වාහනය සම්බන්ධ සිද්ධියට අදාලව ලොහාන් රත්වත්ත රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් ඇත.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka