ජාතීන් අතර අසමගිය ඇති කිරීම සඳහා සැලසුම් සහගතව කුමන්ත්‍රණකාරීව ව්‍යාජ ප්‍රකාශයක් සිදුකරමින් තමාව අත්අඩංගුවට ගෙන පීඩාවට පත් කිරීම සම්බන්ධයෙන් සහ කූඨ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලමින් වෛද්‍ය මොහොමඩ් සාෆි විසින් අද (07) මහජන ආරක්ෂක අමාත්‍යංශයට පැමිණිල්ලක් සිදු කළේය.
අද මාධ්‍ය වෙත අදහස් දැක්වූ වෛද්‍ය මොහොමඩ් සාෆ් ප්‍රකාශ කළේ අවුරුදු 5යි මාස 06ක් තිස්සේ හැකි තරම් දරුණු ලෙස තමන්ව පීඩාවට පත් කළ බවත් ඊයේ දිනයේ නිදහස් වූයේ තමන් නොව යුක්තිය වෙනුවෙන් පෙනී සිටි සියලුම දෙනා බවය. පැමිණිලි සොයාගෙන ගියේ තමන්ව අත් අඩංගුවට ගෙන බව කි වෛද්‍ය සාෆි තමන්ට සහ තම දරුවන්ට එල්ල වුන පීඩනය ගැන සඳහන් කළේය. මෙවන් වරදක් යළි කිසිවෙකුටත් සිදු නොවීම සඳහා තමන්ට කළ යතු වැඩ කොටසක් ඇති බව කී වෛද්‍යවරයා තමන්ට එරෙහිව කටයුතු කළ සියලුම දෙනා වෙනුවෙන් තමන් පැමිණිල්ලක් දැමූ බව ප්‍රකාශ කළේය.
සිසේරියන් සැත්කම් කරද්දී නැවත දරුඋපතක් සිදුවිය නොහැකි ලෙස මව්වරුන් වඳබාවයට පත් කරනා බවට චෝදනා කර කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය සේගු ශිහබ්දීන් මොහොමඩ් ඊට අදාල නඩුවෙන් නිදහස් කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කරන්නේ ඊයේ (06) දිනයේ දී ය. වසර පහකටත් අධික කාලයක් තිස්සෙ ඔහු සම්බන්ධයෙන් කළ විමර්ශනවලට උදෘත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපති වෙත යොමු කර තිබුණු අතර ඒ අනුව ඔහුට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමට සාක්කි නැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කීවේය. නීතිපතිවරයා අධිකරණයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දුන්නේ ඔහුට එරෙහිව ඉදිරි පියවර ගැනීමට බලාපොරොත්තු නොවන බවය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ පරීක්ෂණවලින් අනාවරණය වූයේ වෛද්‍ය සාෆි ශිහබ්දීන් වඳබාවයට පත් කළැයි සැක කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කළ කාන්තාවන්ගෙන් 130කට ආසන්න පිරිසකට නැවත දරුවන් පිළිසිඳගෙන ඇති බවය. එසේම පැලෝපීය නාල අවහිර කර ඇත්දැයි තහවුරු කර ගැනීමට අදාල පරීක්ෂණ සිදු කරවා ගැනීමට මව්වරුන් දෙදෙනක් අවස්ථා දෙකකදී ඉදිරිපත් වූහ. එම පරීක්ෂණවලට අනුව ඔවුන් දෙදෙනාගේ පැලෝපීය නාල අවහිර වී නැතැයි අනාවරණය විය.
වෛද්‍ය සේගු ශිහබ්දීන් මොහොමඩ් සාෆි 2019 මැයි මස 24 වැනිදා කුරුණෑගල මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු ඔහු වැඩිදුර විමර්ශන සඳහා එවකට වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන්නේය.
ඒ අනුව මාසයක පමණ කාලයක් ඔහු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා තබාගනිමින් විමර්ශනය කළේය. එලෙස විමර්ශනය කිරීමෙන් පසු එම දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කරමින් දැනුම් දුන්නේ වෛද්‍ය සාෆිට එරෙහිව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ නඩු පවත්වාගෙන යෑමට තරම් ප්‍රමාණවත් කරුණු නොමැති හෙයින් ඔහු එම චෝදනාවලින් මුදා හැර දණ්ඩ නීති සංග්‍රහය යටතේවන වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කරන බවය
මෙම විමර්ශනය සිදු කරද්දී ඊට බාධා කරමින් තර්ජනය කළ බවට අතුරලියේ රතන හිමිට සහ කුරුණෑගල රෝහලේ එවකට නියෝජ්‍ය අධ්‍යක්ෂ කැඳන්ගමුවට එරෙහිව මීට පෙර පැමිණිලි කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේත් සහකාර පොලිස් අධිකාරී බී එස් තිසේරා ඇතුළු නිලධාරීනුත් කටයුතු කර තිබිණි.