ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අවුරුදු දෙකකින් ජනතාව එළවා දැමු බවත් පළපුරුද්දක් නැති මේ ආණ්ඩුව ඊටත් කලින් එළවා දමන බව විශ්වාස බවත් සමගි ජන බලවේග මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුවට තෝරාපත් කර ගත යුත්තේ පළපුරුද්දක් ඇති කණ්ඩායමක් බවයි.
රටේ ආර්ථිකය ගොඩගත හැකි හොඳම කණ්ඩායම සිටින්නේ සමගි ජන බලවේගය තුල බවත් හෙතෙම කියා සිටී.
මහ මැතිවරණය වෙනුවෙන් පැවති සමගි ජන බලවේග ජනහමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.