gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රනිල් ආයෙත් ටෙම්පරියකට සැරසෙනවා ?; ආණ්ඩුවේ කාටවත් නොකී දීපවාලි සැමරුම රනිල්ට කියලා

දීපවාලි උත්සවය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සංවිධානය කළ උත්සවයක් පසුගියදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයකදී පැවැත් විණි.
ඊට ආණ්ඩුවේ කිසිවකුට ආරාධනා ලැබී නොතාබුණත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආධිතයකු ලෙස එක්ව සිටි බව මාධ්‍ය වාර්තාවල දක්වා තිබේ.

මෙරට ඇමරිකානු තානාපති ජුලී චංග් මහත්මිය සහ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා එකම මේසයේ අසුන් ගනිමින් රාත්‍රි එකොළහ පමණ වනතුරු සාකච්ඡාක නිරතව සිටි බවද එම වාර්තා වල දැක්වේ.

මේ සතියේ රැස්වීම්වලට වඩා වැඩි කාලයක් වික්‍රමසිංහ මහතා තානාපති කාර්යාලවල ගත කර ඇති බවටද වාර්තා පැතිර ඇති අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයට කොළඹ දිස්ත්‍රික්ක අපේක්ෂක සාගල රත්නායක මහතා සමඟ ස ගොස් තිබේ.

ඒ තානාපති ජූලි ගේ ආරාධනයකට අනුව බවද පැවසේ. එහිදී ඔවුන් දිවා භෝජනය ගිනිමින් සාකච්ඡාවක නිරත වූ බවද පැවසේ.

මේ අතර, විපක්ෂයට ඇවිත් ආණ්ඩු බලය ගන්නට සූදානම් වන්නැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පන්නල පැවැති රැස්වීමකදී පැවසීය

මේ කතාවත් සමඟ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය හිතවතෙක් මෙන්ම රනිල්ගේ හිතවතකුද වන අයෙකුගෙන් ‘‘උඹලාගේ ලොක්කා ගේමක්වත් ගහන්න සූදානම් වෙනවද?’’ යනුවෙන් විමසා ඇතැයි ද දේශපාලන තීරු ලිපිවල දක්වා තිබේ.

මේ අතර, රනිල් යලි ටෙම්පරියකට සූදානම් වන බවට ද හිටපු ජනපතිවරයාගේ මිතුරන් අතර කතා බහක් මතුව ඇතැයි ද වාර්තා වේ.

මූලාශ්‍රය – සති අග අරුණ
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka