ජනාධිපතිවරණය පැවැත්වීමට පෙරාතුව ‘රාජ්‍ය රහස්’ තීරය හරහා අතිවිශේෂ හෙළිදරව්වක් කරමින් අප කියා සිටියේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට බිලීබාගැනීම සඳහා හිතූ හිතූ හැටියේ මත්පැන් බලපත්‍ර ලබාදී ඇති බවත්, විපක්ෂයේ තෝරාගත් මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට ආණ්ඩුවේ විමධ්‍යගත අරමුදල්වලින් කෝටි ප්‍රකෝටි ගණන් මුදල් ලබාදී ඇති බවත්ය.
එහිදී ඇතැම් මන්ත්‍රීවරුන්ට මත්පැන් බලපත්‍ර දෙක, තුන ලබාදී ඇති බවත්, සජබයේ ගම්පහ නියෝජනය කරන කතෝලික මන්ත්‍රීවරයකුට මත්පැන් සංස්ථාවක් ආරම්භ කිරීම සඳහා මත්පැන් නිෂ්පාදනය කිරීමේ බලපත්‍රයක් ලබාදී තිබූ බවත්, අදාළ මන්ත්‍රීවරයා එම බලපත්‍රය ව්‍යාපාරිකයකුට ලබාදී විශාල මුදල් ප්‍රමාණයක් ලබාගෙන ඇති බවත් අපි එහිදී අනාවරණ කර සිටියෙමු. අප කළ මෙම හෙළිදරව්වෙන් පසු ඊට විශාල ප්‍රචාරයක් ලබාදීමට කටයුතු කළේ වෙන කවුරුවත් නොව මාලිමාවේ ඉහළ පෙළ නියෝජිතයන්ය. අප කළ මෙම හෙළිදරව්ව ගෙනහැරපාමින් ඔවුන් කියා සිටියේ අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වූ වහා මෙම සියලු මත්පැන් බලපත්‍ර අවලංගු කිරීමට කටයුතු කරන බවත්, හිටපු ජනාධිපතිවරයාගෙන් මත්පැන් බලපත්‍ර ලබාගත් අයගේ නම් ලැයිස්තුව ජනතාවගේ දැනගැනීම සඳහා රටට හෙළිදරව් කරන බවත්ය.
නමුත් කනගාටුවට කරුණ වන්නේ අනුර මෙරට ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී මේ වනවිට මාසයක් ඉක්ම ගියත් තවමත් මේ හිටපු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව හෙළිදරව් කිරීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන්ය. ජනාධිපතිවරයා වශයෙන් මුදල් අමාත්‍යාංශය පවතින්නේ අනුර යටතේය. සුරාබදු දෙපාර්තමේන්තුව පවතින්නේද අනුර යටතේය. ආණ්ඩුව පවතින්නේද ජනාධිපතිවරයා යටතේය. එසේ නම් හිටපු ජනාධිපතිවරයාගෙන් මත්පැන් බලපත්‍ර ලබාගත් මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව විනාඩි කිහිපයක් තුළ තමන් අතට ගැනීමට අනුරට හැකියාව ඇත. නමුත් මේ වනවිට ජනාධිපතිවරයා පත්වී මාසයක් ගතවී ඇතත් තවමත් එම බාර් ලයිසන් අල්ලස් ගත් මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව රටට අනාවරණ නොවීම උභතෝකෝටිකයකි. මෙසේ එම ලැයිස්තුව එළියට නොඑන්නේ යම් යම් හිටපු ප්‍රබලයන් ජනාධිපතිවරයා සමග ඇතිකරගත් රහස් ගනුදෙනු නිසාය යන්න පිළිබඳ මේ වනවිට බරපතළ ප්‍රශ්නයක් මතුව තිබේ.
අනුර ජනාධිපති බවට පත්වීමත් සමග මෙම බාර් ලයිසන් ලබාගත් මන්ත්‍රීවරයකුගේ නමක් සහ මුදල් එහා මෙහා වුණු චෙක්පත් වසන්ත සමරසිංහ මහතා මාධ්‍ය හමුවට පැමිණ අනාවරණ කළත් එය එතැනින්ම නිමාවට පත්විය. වසන්ත සමරසිංහ එහිදී කියා සිටියේ සජබ මන්ත්‍රීවරයකුව සිටි ජේ.සී. අලවතුවල මහතා එසේ මත්පැන් බලපත්‍රයක් ගෙන කිසියම් පාර්ශ්වයකට විකුණා ඇති බවකි. ඊට අදාළව හුවමාරු වුණු චෙක්පතක්ද අංක සහිතවම මාධ්‍යයට හෙළිදරව් කිරීමට එදා වසන්ත පියවර ගෙන තිබිණි. නමුත් එදායින් පසු අද වනතුරු වසන්ත සමරසිංහ ඒ පිළිබඳ වචනයක් හෝ කතා කළේ නැත. චෝදනා එල්ල වූ ජේ.සී. අලවතුවලද සජබයෙන් නැවත වතාවක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටියි.
විමධ්‍යගත අරමුදල් ලබාගත් මන්ත්‍රී නම් ලැයිස්තුව සම්බන්ධයෙන්ද කීමට ඇත්තේ එපමණකි. මුදල් අමාත්‍යාංශය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආදී සියල්ල පවතින්නේ ජනාධිපතිවරයා යටතේය. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ට මෙම විමධ්‍යගත අරමුදල් හිමිවිය යුතු නමුත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒවා ලබාදී තිබුණ් තෝරාගත් සජබ, දෙමළ සන්ධාන සහ මුස්ලිම් පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට පමණි. එම නම් ලැයිස්තුව ලබාගැනීමටද ජනාධිපතිවරයාට එතරම් අපහසු නැත. නමුත් ගැටලුව ඇත්තේ එදා කී ආකාරයට තවමත් එම නම් ලැයිස්තුව ආණ්ඩුව පැත්තෙන් හෙළිදරව් නොවීම සම්බන්ධයෙන්ය.
මෙහිදී දෙමළ සන්ධානයේ හිටපු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා මාධ්‍ය හමු දෙකක් පවත්වමින් ආණ්ඩුවට කළ අභියෝගයද පහසුවෙන් බැහැර කළ නොහැක. එහිදී සුමන්තිරන් ප්‍රසිද්ධියේම කියා සිටියේ උතුරේ රනිල්ගෙන් මත්පැන් බලපත්‍ර දෙක තුන ගත් මන්ත්‍රීවරුන් කිහිප දෙනකු සිටින බවත්, හැකි නම් ඔවුන්ගේ නම් ලැයිස්තුව හෙළිදරව් කරන ලෙසත්ය. සුමන්තිරන්ගේ මෙම අභියෝගයට හේතුව වී තිබුණේ උතුරේ ද්‍රවිඩ මන්ත්‍රීවරයකු වූ ශ්‍රීධරන් විසින් රනිල්ගෙන් මත්පැන් බලපත්‍ර 3ක් ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබීමය. නමුත් අනුර ජනාධිපතිවරයා බවට පත්වීමත් සමග අනුරව මුණගැසී තිබූ ශ්‍රීධරන් ඔහු සමග සාකච්ඡා පැවැත්වීමට පියවර ගෙන තිබිණි. ඒ බව ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් නිවේදනය කළත් එම හමුවේ ඡායාරූප කිසිවක් මාධ්‍යයට නිකුත් නොකිරීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව ජනාධිපතිවරයා හමුවී ශ්‍රීධරන් යම් දේශපාලන ඩීල් එකක් දමාගත්තාද යන්න සම්බන්ධයෙන් බොහෝ දෙනකුට සැක මතුව තිබේ.
දේවානන්දාත් ගිහින්
මීට අමතරව පසුගිය සතියේදී උතුරේ තවත් ද්‍රවිඩ නායකයකු වූ ඩග්ලස් දේවානන්දාද කොළඹ පැමිණ ජනාධිපතිවරයා හමුවීමට පියවර ගෙන තිබිණි. ඩග්ලස් යනු මහින්දගේ කාලයේ සිටම ඔහුත් සමග දේශපාලනය කළ දැඩි මහින්දවාදියෙකි. මහින්දගෙන් පසු ගෝඨාට සහාය දැක්වූ ඩග්ලස්, පසුව ගෝඨාගේ පලා යෑමෙන් පසු රනිල්ට සහාය පළකරමින් ඔහුගේ කැබිනට්ටුවේද අසුන් ගත්තේය. කෙසේ වෙතත් පසුගිය කාලය පුරාම ඩග්ලස්ට එල්ල වී තිබූ චෝදනා ඉතා බරපතළය.
කෙසේ වෙතත් අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ජනාධිපතිවරයා මුණගැසුණු ඩග්ලස් තමන් ඉන්දියාවත් සමග කිට්ටු සම්බන්ධතාවක් පවත්වාගෙන යන බව දැනුම් දී ඉන්දියාව සහ ජනාධිපතිවරයා අතර පාලමක් සෑදීමට හැකි බව දැනුම් දී ඇති බවකි.
‘මට ඉන්දියාවත් එක්ක සමීප සම්බන්ධයක් තියෙනවා. අපේ ආණ්ඩු කාලයේ ඉන්දියාවත් එක්ක එකතු වෙලා ව්‍යාපෘති ගොඩක් කළා. ඒ ව්‍යාපෘතිවල තාම වැඩ කරන්නෙත් අපි දාපු නිලධාරීන්මයි. හැබැයි දැන් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා මේ ව්‍යාපෘතිවලට මොකද වෙන්නේ කියලා. ඉන්දියාවත් බලාගෙන ඉන්නේ මේ ව්‍යාපෘතිවල අනාගතය දිහා. ඔවුන්ටත් ප්‍රශ්නයක් මේවා තවදුරටත් ඉදිරියට ක්‍රියාත්මක වෙනවද කියලා’ යනුවෙන් මෙහිදී ඩග්ලස් ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බව දැනගන්නට තිබේ. මේ බව තහදුරටත් තහවුරු වූයේ සාකච්ඡාව අවසන් කොට එළියට පැමිණි ඩග්ලස් ඒ සම්බන්ධයෙන් සිය හිතවතුන්ට කළ දැනුම්දීමත් සමගය. එහිදී ඩග්ලස් කියා තිබුණේ ඉන්දීය ව්‍යාපෘති සියල්ල මෙතෙක් කරගෙන ගිය ආකාරයට හිටපු නිලධාරීන් සමගම සිදුකරගෙන යන ලෙසට ජනාධිපතිවරයා තමන්ට දැනුම් දුන් බවකි. එමෙන්ම උතුරට ගොස් එහි දේශපාලන නායකයන් හමුවූ ඩල්ගස් ඔවුන්ට කියා තිබුණේ තමන් ජනාධිපතිවරයා මුණගැසී තම පක්ෂයට උතුරෙන් ආසන 10ක් ලැබෙන බවත්, මැතිවරණයෙන් පසු සිය මන්ත්‍රීවරුන් 10 දෙනාගේ සහාය ජනාධිපතිවරයාට ලබාදෙන බව දැනුම් දුන් බවත්ය.
අප දන්නා විදියට නම් ඩග්ලස් ගේ ඊ.පී.ඩී.පී.යට උතුරෙන් ආසන 10ක් ලබාගැනීමට කිසිදු හැකියාවක් නැත. උතුරෙන් මෙවර ඔහුගේ පක්ෂයට උපරිම හිමිවන්නේ මන්ත්‍රීවරුන් එක් අයකු හෝ දෙදෙනෙකි. එමෙන්ම ඩග්ලස් කියන ආකාරයට ඉන්දියාව සමග ඔහුගේ විශාල ගනුදෙනුවක් හෝ හිතවත්කමක්ද නැත. අනෙක ඉන්දියාව ලංකාවට පණිවුඩ දීමට ඩග්ලස්ව පාවිච්චි කරන්නේද නැත. අනෙක් අතට ඉන්දියාවට ඇතුළු නොවන ලෙසට ඩග්ලස්ට එරෙහිව වාරණ නියෝගයක්ද තිබේ. ඒ අනුව ඉන්දියාව ඩග්ලස් හා අනුර අතර පැවැති සාකච්ඡාවක් පිළිබඳ හාංකවිසියක් හෝ නොදන්නා බවද සහතිකය.
රාජ්‍ය රහස්!