gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

සිලින්ඩරේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට නියම සුදුස්සා සාගලයි…! – රනිල්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එකක් සාගල රත්නායක මහතාට ලබාදීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා දැඩි උත්සාහයක නිරත වී සිටින බව ආරංචි මාර්ග පවසයි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකක් එකක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව ගෑස් සිලින්ඩරයට එකතු වූ කණ්ඩායම වෙනුවෙන් හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධනට හෝ හිටපු අමාත්‍ය ටිරාන් අලස් මහතාට ලබාදීමට යෝජනා වී තිබේ.

ඉතිරි මන්ත්‍රී ධුරය රවී කරුණානායක මහතාට ලබාදෙන ලෙස එජාපයෙන් යෝජනාවක් ඉදිරිපත්ව ඇතත් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සිටින්නේ කිසිසේත්ම ඊට එකඟ නොවන ස්ථාවරයක බව දැනගන්නට තිබේ.

මෙවර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය හිමිවන පුද්ගලයාටම ඉදිරියේදී එජාප නායකත්වයත් හිමිවනු ඇති බවට මතයක් ද පක්ෂය තුළ පැතිර ගොස් තිබේ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka