'සිලින්ඩර' ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය රවී කරුණානායකට.. මැ.කො.ට ලිඛිතව දන්වයි..
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (සිලින්ඩරය) ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එකක් සඳහා හිටපු අමාත්‍යවරයෙකු වුන රවී කරුණානායක පත්කර ඇතැයි වාර්තාවේ.
එම පක්ෂයේ ලේකම්වරිය වන ශර්මිලා පෙරේරා විසින් එයට අදාළ ලිපිය මැතිවරණ කොමසාරිස් කාර්යාලය වෙත එවා ඇතැයි මැතිවරණ කොමසාරිස් කාර්යාලය ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
'සිලින්ඩර' ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය රවී කරුණානායකට.. මැ.කො.ට ලිඛිතව දන්වයි..
2024-11-18T13:46:00+05:30
Lanka Hot News







