පාර්ලිමේන්තුවට ආපු ගමන්ම මාලිමාවේ 43ක් විපක්ෂයට!
මෙවර ජාතික ජන බලවේගයට තේරී පත්ව ඇති මන්ත්‍රීවරුන් එකසිය පනස් නව දෙනාට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ අසුන් පැනවීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබේ. ඒ හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් හතළිස් තුන් දෙනකුට පාර්ලිමේන්තුවේ විපක්‍ෂය පැත්තේ අසුන් ගැන්වීමට නියමිතව ඇත.
ආණ්ඩු පක්‍ෂයේ අසුන්ගත හැක්කේ මන්ත්‍රීවරුන් එකසිය දාසය දෙනෙකුට පමණි.
එළඹෙන විසි එක්වෙනිදා 10 වැනි පාර්ලිමේන්තුව ආරම්භ වීමට නියමිත අතර එදින තමන්ට කැමති ආකාරයට මැතිසභයේ අසුන්ගෙන් ගැනීමට හැකිය.
නමුත් ඊට පසුව විධිමත් ආකාරයට අන්සුන් පැනවීමට පාර්ලිමේන්තුව කටයුතු සූදානම් කර තිබේ.
පාර්ලිමේන්තුවට ආපු ගමන්ම මාලිමාවේ 43ක් විපක්ෂයට!
2024-11-18T13:38:00+05:30
Lanka Hot News






