දියවැඩියාව, වකුගඩු රෝග සහ අධි රුධිර පීඩනය හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වෙන රෝගීන්ගේ ජිවිතය නැවත යථා තත්ත්වයට පත්කිරීමට ලබාදෙන සෝඩියම් බයිකාබනේට් නික්ෂේපණය (Injection) නොමැති වීම හේතුවෙන් මාවනැල්ල රෝහලේ රෝගීන්ගේ ජීවිත දැඩි අනතුරකට පත්ව ඇති බවත් දැනට රෝගින් පහක් පමන මේ ඖෂධ ප්‍රතිකාරය නොමැති නිසා මිය ගොස් ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම නික්ෂේපන කුප්පි 20ක් පමණ ප්‍රාදේශීය ඖෂධ ගබඩාවලින් ඉල්ලුම් කළද එම ගබඩාවන් හි නොමැති බව රෝහල වෙත දැනුම් දී තිබෙන බවත්, වෛද්‍ය සැපයුම් අංශයේ ගබඩාවන් හි මෙම නික්ෂේපනය නොමැති බවට ජාලගත කර ඇති පරිගණක පද්ධතිය තුළ පෙන්නුම් කරන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.
අසාධ්‍ය රෝගීන් ප්‍රතිකාර කළ හැකි මට්ටමට ස්ථාවර කරන මෙම එන්නත පසුගිය මාස 2 – 3 කාලයක සිට නොමැති වීමෙන් රෝගීන් ට ජීවතවලින් වන්දි ගෙවූ බව පවසන රෝහල් ආරංචි මාර්ග එන්නත ලබා දුන් රෝගීන්ට ප්‍රතිකාර කර ජීවිතය බේරා දුන් බව ද කියයි.
ඖෂධයක් හෝ නික්ෂේපනයක් නොමැතිව රෝගීයෙකු මිය යාමට ඉඩදිය නොහැකි බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතය වුවද ඒ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරිමට කිසිවෙකුත් ඉදිරිපත් නොවීම බරපතල ඛේදවාචකයක් යැයිද රෝහල් ප්‍රකාශකයෙක් ලංකාසර කළ විමසුමකදී පැවසුවේය.
-ශ්‍රියානි විජේසිංහ
-lankasara