තවමත් පොලිසියේ ඇතැම් නිලධාරීන් වැඩ කරන්නේ මේ තිබෙන්නේ පරණ ආණ්ඩුව යැයි සිතා බවත්, මහනුවර දිස්ත්‍රික්කයේ පොලිසි කීපයක පොලිස් ස්ථානාධිපතිවරුන් තවමත් තමන්ගේ පැරණි දේශපාලන ලොක්කන් යැයි සිතා ඉන්නා පිරිස වෙනුවෙන් නීතිය අයාලේ යවන බවත් ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් නායක, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ලාල් කාන්ත පැවසුවේය.
ආණඩුව සම්බන්ධ අතිශය සාහසික බොරු ප්‍රචාරය කරන ඇතැම් රාජ්‍ය නිලධාරීන්, අතලොස්සක් පොලිස් නිලධාරින් සම්බන්ධව ඔවුන්ගේ විකල් ක්‍රියා කලාපය සම්බන්ධව ඔවුන් හැරෙනකොට තමන්ට ද ආරංචිවන බුද්ධි සේවයක් ජාතික ජන බලවේගය සතුව ඇති බව මතක තබා ගන්නා ලෙසත් ඔහු පැවසුවේය.
අද (02) මහනුවර පැවති ජාතික ජන බලවේගයේ ජන රැළිය අමතමින් ලාල් කාන්ත මෙසේ ද පැවසුවේය.
සමහර ප්‍රදේශවල පොලිස් බල ප්‍රදේශවල මේ රැස්වීමට අලවපු පෝස්ටර් ඉරලා තියනවා. ඒ් පොලිස් නිලධාරී මහත්තුරුන්ට කියන්න ඔ්න රැස්වීමක ප්‍රචාරක වැඩ කිරීම නිති විරෝධී වැඩක් නෙමෙයි. ඔ්අයිසි මහත්තුරුන්ට කියන් ඔ්න ඒ්ක මැතිවරණ නීතියට විරුද්ධ නෑ.
මහින්දානන්දගේ අනුරාධ ජයරත්නගේ පොස්ටර් සති ගණන් මාස ගණන් ලයිට් කනුවල ඉතිරිවෙලා තියනවා. මහනුවර දිස්ත්‍රික්කයේ පොලිසි කිපයක් තියනවා. නම් කරන්නේ නෑ. කරුණාකරලා කියන්නේ නීතිය හරියට කරන්න. ජනාධිපතිවරයා කියලා තියෙන්නේ නිතියේ ආධිපත්‍ය ගැන.
පරණ දේශපාලන ලොක්කො කියන උන්ගේ පෝස්ටර් තැනින් තැන ඉතිරි කරනවා. මේක පරණ ආණ්ඩුව නෙමෙයි. අනුර දිසානායකගේ ආණ්ඩුව. මේක පීඩිත පන්තියේ වැඩ කරන පන්තියේ ප්‍රගතිශීලී ජනතාවගේ පාලනය තියෙන්නේ. තාම හිතන් ඉන්න ඒපා කලින් ආණ්ඩු තියෙන්නේ කියලා.
තව ගොඩාක් ජාති තියනවා. රාජ්‍ය ආයතනවල ඇතැම් නිලධාරීන් බොරු මත පතරුවමින් ඉන්නවා. ඒ්ව අපට වාර්තාවන බව මතක තියාගන්න. ඔයාලගේ බුද්ධි අංශවලට වඩා ප්‍රබල බුද්ධි අංශ අපට තියනවා. මතක තියාගන්න. තොරතුරු ලබා ගැනීමේ ක්‍රම සහ මාර්ග අපට තියනවා. ඔයගොල්ල හැරෙනකොට අත තියනකොට අපටත් තොරතුරු ඒනවා. හැම ගමකම තියනවා මැතිවරණ සංවිධානයක්. හැම ගමකම ඉන්නවා එම සංවිධානවල සභාපතිලා. කොට්ඨාස සභා තියනවා.එම කොට්ඨාස සභාවල නිලධාරීන් ඉන්නවා. ගමින් ගමට හැම ගමේම තොරතුරු අපට ලැබෙනවා.
නුවර නගර සභාවේ නිලධාරීන් ඒක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා බොරු පච පතුරුවන. කට අරිනකොට අපිට ආරංචි වෙනවා. පණිවිඩ එනවා. අපි නිලධාරීන්ට කියන්න ඔ්න හරියට වැඩ කරමු. රටක් හරියට කරන්න මැදිහත් වෙමු. ඇතැම් රාජ්‍ය නිලධාරින්, ඇතැම් පොලිස් නිලධාරීන් සම්බන්ධව අපට ඒයයි කියන්න තියෙන්‌නේ. නිවැරදි වෙන්න කියන ඒක.