2024 මහ මැතිවරණයේදි වතුකරය නියෝජනය කරන තොණ්ඩමන්, දිගම්බරම් වතු කම්කරුවන්ගේ ජන්දය ලබා ගැනිමට ත්‍රිරෝද රථවලට ටයර්, මත්පැන් බෝතල් සහ ආහාර ද්‍රව්‍ය පාර්සල් ලබාදෙන බව ජනසෙත පෙරමුණේ නායක පුජ්‍ය බත්තරමුල්ලේ සීලරතත හිමියන් පැවසිය.
වතුකරයේ ජනතාව දිපවාලි උත්සවය සමරන ආකාරය පිලිබදව සොයා බැලිමට සහ ජනසෙත පෙරමුණෙන් නුවරඑලිය දිස්ත්‍රික්කයට තරග කරන අපෙක්ෂකයන්ගේ ජය තහවුරු කිරිම සදහා (31) දින හැටන් ප්‍රදේශයට පැමිණි අවස්තාවේ මාධ්‍ය හමුවක් පවත්වමින් සීලරතත හිමියන් ඒ බැව් පැවසිය.
මෙම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක් වු සීලරතත හිමියන් කියා සිටියේ වසර 75 ක පමණ කාලයක් වතුකරය නියෝජනය කල දේශපාලඥයින් වතු කම්කරුවන්ව රවට්ටා ජන්දය ලබාගෙන පාර්ලිමේන්තුවට ගොස් ඔවුන් පෝෂණය වු බවත්, වතු කම්කරුවාගේ ආර්ථික තත්ත්වය ඉහල දැමිමට කිසිදු පියවර නොගත් බවයි.
මේ රටේ සිංහල දමිල මුස්ලිම් ජනතාව සමග සහජිවනයෙන් කටයුතු කල හැකි එකම දේශපාලන පක්ෂය වන්නේ ජනසෙත පෙරමුණ බවත්, මෙවර මහ මැතිවරණයේදි සියළුම ජන්ද දායකයින් ජනසෙත පෙරමුණ වටා එක්විමෙන් මේ රට ගොඩගත හැකි බවයි සීලරතත හිමියන් කියා සිටියේ.
– රංජිත් රාජපක්ෂ