gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අගෝචර චර්යා නසන්න මහානායක ස්වාමීන් වහන්සේලා රජයෙන් බලය ඉල්ලයි

අස්ගිරි පාර්ශ්වය විසින් රජයෙන් ඉල්ලා සිටින්නේ භික්ෂූන් වහන්සේලාගේ අගෝචර චර්යා රටාවන් වළක්වා ගැනීම සඳහා මහානායක ස්වාමීන් වහන්සේලාට බලය ලැබෙන පරිදි සියලු නිකායන්වල වගන්ති සංශෝධනය කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙසයි.

පූජ්‍ය මැදගම ශ්‍රී ධම්මානන්ද හිමි විසින් මල්වතු සහ අස්ගිරි මහානාහිමිවරුන් බැහැ දැකීම සඳහා කැබිනට් අමාත්‍යවරුන් වන විජිත හේරත් සහ කේ.ඩී ලාල්කාන්ත යන මහත්වරුන් පැමිණි අවස්ථාවේදී මෙම ඉල්ලීම සිදුකර ඇත.

“විහාර දේවාලගම් පනතේ 41 සහ 42 වගන්තියට සංශෝධන වගයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතිං අපි අවසාන වශයෙන් අපේ මහානායක හාමුදුරුවරු අත්සන් කරලා ඉදිරිපත් කළා. අපි බලාපොරොත්තු වෙන්නේ කථිකාවතක් අවශ්‍ය වෙන්නේ නෑ මේ තුළින් මේ කාරණය කරගන්න. භික්ෂුන් වහන්සේලාගේ අගෝචර චර්යා රටාවන් වළක්වාගන්න අපේ මහානායක හාමුදුරුවන්ට බලය ලැබෙන විදියට සියලු නිකායවල ඒ විදිහේ වගන්ති සංශෝධනයක් තමයි ඇතුළත් කරලා තියෙන්නේ. ඒක ඉක්මන් කරගත්තොත් හොඳයි.”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka