වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යටතේ ඇති අමාත්‍යාංශ 3ට අදාළව විෂය පථයන් ගැසට් කර ඇති අතර ඒ අනුව ආයතන 94ක වගකීම සිය කර මත පැවැරේ.
මෙම ආයතන අනූ හතර බෙදී තිබෙන්නේ ජනාධිපතිවරයා යටතේ ඇති මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය හා ආරක්ෂක අමාත්‍යාංශයන් යටතේය.
මහජන උපයෝගීතා කොමිෂන් සභාව, කොළඹ වරාය නගර ආර්ථික කොමිසම, මාගම්පුර වරාය කළමනාකරණ සමාගම, ශ්‍රී ලංකන් හා මිහින් ලංකා සමාගම්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, එමෙන් ම, සේවක භාරකාර අරමුදල සුරාබදු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගුව, මහ බැංකුව, හෝටල් ව්‍යාපෘති, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යන ආයතන මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ ජනපතිවරයා වෙත වගකීම පැවරේ.
එමෙන්ම වැදගත් අමාත්‍යංශයක් ලෙස සැලකෙන ආරක්ෂක අමාත්‍යාංශය යටතට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය, ත්‍රිවිධ හමුදාව, රාජ්‍ය බුද්ධි සේවය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතන අදාළ වේ.
එමෙන් ම නව අමාත්‍යංශයක් ලෙස පිහිටුවන ලද , ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතට ශ්‍රී ලංකා ටෙලිකොම් පාලිත සමාගම්, පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය, දත්ත ආරක්ෂණ අධිකාරිය, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, විදුලි සංදේශ නියාමන කොමිසම ඇතුළු ආයතන හතක් ඇතුලත් වන බව සඳහන්.