මේ දිනවල වඩාත් ආන්දෝලනයට ලක්වී සිටිනා පාර්ලිමේන්තු මන්ත්‍රී ආච්චුනා රාමනාතන් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතරින් පසුගිය ජනාධිපතිවරණය සමයේදී සාකච්ඡා වූ දුරකථන හඬ පටයක් මේ වන විට සමාජමාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් පවතී.
එම හඬ පටයේ සජිත් ප්‍රේමදාස මහතා ආච්චුනා රාමනාතන් මහතාගෙන් ඉල්ලා සිටින්නේ කෙසේ හෝ තමාට උදව් කරන ලෙසත් මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය යටතේ තරග කිරීමට මන්ත්‍රීවරයාට අවස්ථාවක් ලබා දෙන බවත්ය.
එම හඬ පටයේ දී විපක්ෂනායකවරයා යාපනයේ ඡන්ද ලබාගැනීම සඳහා තමාට උදව් කරන ලෙස රාමනාතන් මහතාගෙන් ඉල්ලා සිටින අතර තමාට එය සිදු කර දිය හැකි බවද රාමනාතන් මහතා ප්‍රකාශ කරයි.
මේ අතර ජාතක ජනබලවේගයේ සංවිධායකවරියක් සමග අදාල මන්ත්‍රීවරයා ජනාධිපතිවරණ සමයේදී සිදුකළ සාකච්ඡාවක හඩපටයක් ද මේ වන විට සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබේ.
එහිදී අදාළ මන්ත්‍රීවරයා තමාගේ සහය ජාතික ජන බලවේගයට ලබාදීම සඳහා යම්කිසි ඩීල් එකක් ඇතිකර ගත යුතු බවට යෝජනා කරන අතර ජාතික ජන බලවේගය නියෝජනය කරන සංවිධායකවරිය විසින් එම ඉල්ලීම එකහෙළා ප්‍රතික්ෂේප කරයි.
ඇය එහිදී අවධාරණය කර සිටින්නේ අවංකව සහ අව්‍යාජව ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලාංකිකයකු ලෙස වැඩ කිරීමට කැමතිනම් පමණක් ජාතික ජන බලවේගයට සහයෝගය ලබා දෙන ලෙසත් එසේ නොමැතිනම් සිය අවශ්‍යතාවය පරිදි වෙනත් පක්ෂයක් තෝරාගන්නා ලෙසත්ය.
එම හඬපට පහතින්,