උසස් පෙළ විභාගය කල් යයි... නැවත පවත්වන දිනය මෙන්න
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අ.පො.ස උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
ඒ අනුව 2024 උසස් පෙළ විභාගය දෙසැම්බර් මස (04) වන බදාදා දින නැවත ආරම්භ කරන බවත් නොවැම්බර් (30) දෙසැම්බර් (02) සහ දෙසැම්බර් (03) වනදා විභාගය නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සදහන් කළේ,
“නොවැම්බර් (27) සිට දෙසැම්බර් (03) වනදා දක්වා අපි පවත්වන්නේ නෑ. එතකොට දින 6ක් විභාගය නෑ. එතකොට විභාගය නැවත පැවැත්වෙන්නේ දෙසැම්බර් මස (04) වෙනි බදාදා. ඒ එක්කම දෙසැම්බර් (04) වෙනිදා විභාගය පැවැත්වෙන්නේ එදිනට පැවැත්වීමට නියමිත විෂයන්.”
උසස් පෙළ විභාගය කල් යයි... නැවත පවත්වන දිනය මෙන්න
2024-11-28T11:29:00+05:30
Gossip Lanka Hot News






