gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රත්තරන්ගේ ඥාති බෑනා ලඟ තිබී මහනුවරින් හමුවන කෝටි 06ක් වටිනා වාහන දෙකම හොර වාහන…

හිටපු අමාත්‍ය රෝහිතගේ අබේගුණවර්ධනගේ බෑණා කෙනෙකුගේ නිවසේ සඟවා තිබිය දී සොයාගත් කෝටි හයකට වඩා වටිනාකමක් සහිත ලියාපදිංචි නොකළ බී.එම්.ඩබ්ලිව් වර්ගයේ කාර් රථය හා මිට්සුබිෂි වර්ගයේ ජීප් රථය හොර වාහන බව රජයේ රස පරීක්ෂක වාර්තාවෙන් සනාථ වී තිබේ.

මෙම BMW කාර් රථය රේගුවේ හෝ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකළ අවස්ථා ගණනක දී වාහන අමතර කොටස් ලෙස කොටස් වශයෙන් ගෙන්වා නීති විරෝධීව එකලස් කළ රථයක් බවත්, මිට්ෂුබිෂි ජිප් රථය මුල් අවස්ථාවේ සුදු පැහැයෙන් තිබී පසුව නිල් පැහැයෙන් වර්ණ ගන්වා චැසි අංකය ව්‍යාජ ලෙස කොටා එකලස් කර ඇති බවත් රස පරීක්ෂක වාර්තාවේ සඳහන් වී ඇත.

මේ වනවිට මහනුවර ප්‍රසිද්ධ වාහන සේල් එකක් හිමි පවුලක සාමාජිකයෙක් වූ ඉසුරු සේරම් නැමැති රොහිතගේ ඥාති බෑනා අතුරුදහන් වී සිටින බවත් ඔහුට එරෙහිව මහනුවර අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට අද දින කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව චූදිතයාට විදෙස් ගමන් තහනමක් පනවා ඇති බවත් විමර්ශන අංශ පවසයි. අදාල පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබේ.

පසුගිය මස 20 වැනිදා මහජන තොරතුරක් මත මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් මහනුවර අනිවත්ත ප්‍රදේශයේ නිවස තිබී සොයා ගත් මෙම සුඛොප්භෝගී වාහන දෙක පොලිස් භාරයට ගනු ලබන්නේ වාහන සන්තකයේ තබා ගත් පුද්ගලයාට වාහනවල හිමිකම තහවුරු කිරීම සඳහා කිසිම නීත්‍යානුකූළ ලියවිල්ලක් ඉදිරිපත් කිරීමට නොහැකි වූ බැවිනි.

නිවසේ හිමිකරුවන ඉසුරු සේරම් සද්ධාතිස්ස නැමැති අය මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ප්‍රකාශයක් ලබා දෙමින් පවසා තිබුණේ මෙම වාහන සම්බන්ධව කිසිවක් නොදන්නා බවත්, හිතවතෙකු විසින් මෙම වාහන තම නිවසට රැගෙනවිත් නවත්වා ගිය බවත්ය. වාහනවලට අදාළ ලියකියවිලි කඩිනමින් ලබාදෙන බව ඔහු පොලිසියට පොරොන්දු වුනේය.

කෙසේ වෙතත් පොලිසිය පවසන්නේ රස පරීක්ෂක වාර්තාව කැඳවීමෙන් අනතුරුව සිදුකළ වරද හෙළිදරවු වූ පසු ඉසුරු සේරම් සද්ධාතිස්ස නැමැත්තා අතුරුදහන්වී සිටින බවය. හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ගේ දියණිය විවාහ වී සිටින පුද්ගලයා ගේ සහෝදරයෙකු වන ඉසුරු සේරම් සද්ධාතිස්ස නැමැති අයට එරෙහිව මහනුවර අපරාධ විමර්ශන අංශය අධිකරණයට අද දින කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් ලබා ගෙන ඇත.

මහනුවර අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
-lankasara
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka