බිත්තර අර්බුදය ආවේ අද්දැකීම් අඩු ජනපති කෙනෙක් පත් කළ නිසා.. උගතුන් බුද්ධිමතුන්ට වඩා අද්දැකීම් වැදගත්! - කුට්ටිආරච්චි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චි පවසන්නේ දේශපාලනඥයාට අධ්‍යාපණ හෝ වෘතීමය සුදුසුකම් තිබිය යුතු බවට කිසිදු ව්‍යවස්ථාවක හෝ අණපනතක සඳහන්ව නොමැති බවයි.
දේශපාපාලනයේදී වඩා වැදගත්වන්නේ අත්දැකීම් බව ඔහු පවසයි. පාර්ලිමේන්තුව තුළ උගතුන් බුද්ධිමතුන් යම් කොටසක් සිටීම තමා පිළිගන්නා නමුත් ගමේ ගැමි සුවඳ දන්නා අද්දැකීම් සහිත පැරණි නායකයින් වැඩි ප්‍රමාණයක් පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතු බවට ඔහු පවසයි.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ වත්මන් ජනාධිපතිවරයාට රට පාලනය කිරීම සම්බන්ධව අත්දැකීම් අඩුකමින් බිත්තර අර්බුදයක් ඇතිවී ඇති බවයි.
එමෙන්ම කැබිනට් ප්‍රකාශක විජිත හේරත් මහතා කැබිනට් ප්‍රකාශන දැනුම්දීමේදී අද්දැකීම් අඩු බව පෙනෙන්නට ඇති බවත් කුට්ටිආරච්චි මහතා පවසයි.
කෙසේවෙතත් පසුගියදා රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ ප්‍රකාශයක් කරමින් අද්දැකීම් සහිත අය පාර්ලිමේන්තුව වෙත යවනා ලෙස ජනතාවගෙන් කළ ඉල්ලීම තමාද පිළිගන්නා බව ඔහු වැඩිදුරටත් පැවසීය.
බිත්තර අර්බුදය ආවේ අද්දැකීම් අඩු ජනපති කෙනෙක් පත් කළ නිසා.. උගතුන් බුද්ධිමතුන්ට වඩා අද්දැකීම් වැදගත්! - කුට්ටිආරච්චි
2024-10-19T12:23:00+05:30
Gossip Lanka Hot News






