gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රන්ජන් මාලිමාවෙන් නොදැම්මේ ඇයි... මහින්ද පිළිතුරු දෙයි!

ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයෙකු මෙන්ම ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් සහ මෙවර ජාතික ජන බලවේගය ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂකයෙකු වන මහින්ද ජයසිංහ මහතා පවසන්නේ රන්ජන් රාමනායක මහතා මාලිමාවෙන් ඉදිරිපත් වන බවට පලවූ ප්‍රවෘත්ති කිසිවක් නිල වශයෙන් රන්ජන් මහතා හෝ ජාතික ජන බලවේගය විසින් ප්‍රකාශ කරන ලද ඒවා නොවන බවයි.

එමෙන්ම ඔහු වැඩිදුරටත් පැවසූවේ රන්ජන් රාමනායක මහතාගෙන් එවැනි ඉල්ලීමක්ද නොවූ බවයි. කෙසේවෙතත් එවැනි ඉල්ලීමක් නොවූ බැවින් ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජාතික ජන බලවේගයේ විධායක කමිටු රැස්වීමකදී හෝ සිදු නොවූ බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ගම්පහ නියෝජනය කරමින් මහින්ද ජයසිංහ, රන්ජන් රාමනායක, දිලිත් ජයවීර ඇතුළු බොහෝ අපේක්ෂකයන් සංක්‍යාවක් තරඟකිරීමටද නියමිතයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka