පාස්කු ප්‍රහාරය ගැන ගම්මන්පිල හෙළිදරව් කළ වාර්තාව ප්‍රතික්ෂේප කරනවා - කතෝලික සභාවෙන් ප්‍රකාශයක්!
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති විශ්‍රාමික විනිසුරු ඒ.එම්.ජේ. ද අල්විස් වාර්තාව ප්‍රතික්ෂේප කරන බව ගරු සිරිල් ගාමිණී පියතුමා පවසනවා.
ඝාතන විමර්ශනයේ සාක්ෂි වසන් කිරීම හා විනාශ කිරීම පිළිබඳව අපරාධමය චෝදනා ලබා සිටින ප්‍රසන්න අල්විස්ගේ සොහොයුරිය වන ඒ.එම්.ජේ. ද අල්විස් මහත්මියව මෙම කමිටුවේ ප්‍රධානියා ලෙස පත් කිරීම හරහා ළබැඳියාවන් අතර ගැටුමක් මතුවන බවයි පියතුමන් සඳහන් කරන්නේ.
ඒ අනුව එවැන්නෙකු ප්‍රධානත්වය දැරූ කමිටුවක් විසින් ඉදිරිපත් කළ වාර්තාවක් අපක්ෂපාති සහ ස්වාධීන වාර්තාවක් ලෙස පිළිගැනීමට හැකියාවක් නොමැති බවයි සිරිල් ගාමිණී පියතුමා වැඩිදුරටත් සඳහන් කළේ.
පාස්කු ප්‍රහාරය ගැන ගම්මන්පිල හෙළිදරව් කළ වාර්තාව ප්‍රතික්ෂේප කරනවා - කතෝලික සභාවෙන් ප්‍රකාශයක්!
2024-10-23T08:26:00+05:30
Gossip Lanka Hot News





