ගම්මන්පිලගේ වාර්තාව අපට වැඩක් නෑ... අපි අහන්නෙත් නෑ - සිරිල් ගාමිණී පියතුමන්
උදය ගම්මන්පිල හිටපු මන්ත්‍රීවරයා ප්‍රසිද්ධ කරන බව කියන පාස්කු ප‍්‍රහාරය සම්බන්ධ කොමිෂන් වාර්තාව සම්බන්ධයෙන් කතෝලික සභාවට කිසිදු උනන්දුවක් නැති බව අගරදගුරු මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් සදහන් කරයි.
මෙරට සිදුවු පාස්කු ඛේදවාචකය දේශපාලන වාසි ලබාගැනීමට නොයන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊට අදාළ විමර්ශන කටයුතු කරගෙන යාමට ඉඩ ලබාදී මැද්දට පැන බාධා නොකරන ලෙසද සිරිල් ගාමිණී පියතුමන් සදහන් කරයි.
තවද හිටපු ජනාධිපතිවරයාගෙන් කිසිම අවස්ථාවක පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශන කමිටුවක් පත්කරන ලෙසට ඉල්ලා නැති බවද සිරිල් ගාමිණී පියතුමන් සදහන් කරයි.
ගම්මන්පිලගේ වාර්තාව අපට වැඩක් නෑ... අපි අහන්නෙත් නෑ - සිරිල් ගාමිණී පියතුමන්
2024-10-19T07:45:00+05:30
Gossip Lanka Hot News






